IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රුවන්ඩාව - ලංකාව නිදහස් වීසා ගිවිසුමක

(අංජුල මහික වීරරත්න)

රාජතාන්ත්‍රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ද්විපාර්ශවික  සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් රටවල් දෙකෙහි රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2019-5-7 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් එකී ගිවිසුමට මේ දක්වා අත්සන් තැබීමට නොහැකි වී ඇතැයි රජය කියයි.

දෙපාර්ශවය අතර එකඟ වී ඇති රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් දින තිහක් නොඉක්මන කාලසීමාවක් සඳහා වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා වන එකී අවබෝධතා ගිවිසුම රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (3)

රුවන්ඩාව - ලංකාව නිදහස් වීසා ගිවිසුමක

ලුම්බිණි Tuesday, 30 April 2024 02:59 PM

නිදහස් වීසා ගිවිසුමකට එන කොට රට මොකද්ද කියල පොඩ්ඩක් හිතල බලන්න. ගිවිසුමේ වාසි අවාසි අධ්‍යනය කරන්න.

:       2       8

බද්රානි Tuesday, 30 April 2024 06:25 PM

ලුම්බිණි, වර්තමාන රුවන්ඩාව ගැන අහලා නැතිව ඇති... ඒකයි මේ වලිගේ පාගාගෙන දඟලන්නේ... සීඝ්‍රයෙන් දියුණුවෙන රුවන්ඩාවට පැනගන්න ලංකාවේ ඉන්න හිඟන රැල දැන් මාන බලයි... රුවන්ඩාවේ පාලකයින්ට පින්සිදු වෙන්නට, දැන් ඒ රටේ ජනතාවටත් ලංකාව වැනි රටවල සංචාරය කිරීමට හැකියාව ලැබී තියනවා... ලංකාවේ හොර තක්කඩි පාලකයින්ට ආවඩමින් සිටින මේ රටේ පල් මෝඩයින්ට පුළුවන් කම්කරුවන් ලෙස හා කාන්තාවන් මෙහෙකාරකමට රුවන්ඩාවට යන්න.. ලෝකේ කොහේ හෝ දියුණු වෙන රටක් දැක්කොත්, ඒ රටට මුක්කුවක් ගහලා ගොඩ යන්න තමයි මේ රටේ තක්කඩි අඥාන පාලකයෝ උත්සාහ කරන්නේ... මොවුන්ව වැද්ද ගත්තොත්, උගන්ඩාවත් විනාශයි.

:       5       5

Perera Wednesday, 01 May 2024 05:41 AM

මේක අදාළ වෙන්නේ රාජතාන්ත්‍රික -රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත් ඇති අයවලුන්ට පමණයි.ලංකාවේ ඉන්න හැම කොල්ලටයි බල්ලටයි වීසා නැතුව රුවන්ඩාවට යන්න බැහැ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site