
(තිලකරත්න දිසානායක)
සමගි ජනබල වේගය තවත් වසර පහක් විපක්ෂයේ නොසිට මීළඟ ජනාධිපතිවරයා වශයෙන් යළිත් වරක් පත්වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන අද ගම්පහ දී පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය ගම්පහ , පල්ලිය පාරේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතුරින් සුවිශේෂී අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් රටේ ආර්ථික තත්ත්වය යහපත් කරමින් වසර දෙකක් තුල රට පැවති අගාධයෙන් ගොඩගත් වත්මන් ජනාධිපතිවරයා යළිත් බලයට ගෙන ඒම පිනිස ප්‍රසන්න රණතුංග මහතා ඇතුලු පොදුජන පෙරමුණේ පිරිසක් එක්ව සිටින බවත් රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාළකණ්නි රට වනසපු රාජපක්ෂල එක්ක එකතුවෙලා උන් රකිනවා. ආයෙත් මේ පිංගුත්තරයන්ට රැවටෙන්න එපා. මුන්ට ඕන බලේ ඉන්න මිස රට හදන්න නොවන බව සිහිතබා ගන්න