(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා ඉදිරි දේශපාලන කටයුතු සඳහා සමගි ජන බලවේගයට සහය ලබාදීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගය මිනුවන්ගොඩ නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකටද රුවන් රණතුංග මහතා එක්ව සිටියහ.
රුවන් රණතුංග මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ අර්ජුන රණතුංග මහතාගේ සහෝදරයෙකු ද වෙයි.
ආණ්ඩුවේ අන්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිව සමගි ජන බලවේගයේ මිනුවන්ගොඩ සංවිධායක චමින්ද ද සිල්වා මහතා විසින් එම විරෝධතාවය සංවිධානය කර තිබිණ.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ලොකු දෙයක් වගේ එහෙට්ට, මෙහෙට්ට පනින එක.... උඹලා දෙගොල්ලටම අපේ සහාය නෑ...
රණතුංග පවුලේ සියලු දෙනාම එක් එක් දේශපාලන පක්ෂවලට සෙට්වෙලා ඉන්නේ...
අයියලා මල්ලිලා හැම පක්ෂෙම ඉන්නවා. මොන පක්ෂෙ බලේට ආවත් අවුලක් නෑ...
එක සහෝදරයෙක් ජවිපෙ එකට එකතු වුණොත් නරකද?
සජිත් මහත්තයෝ... මේ අය හොඳ අය නොවන බව මතක තබාගන්න... අයියලා, මල්ලිලා එකතු වෙලා වරායට කළ දේවල් අමතක කරන්න එපා.
මොකටද දන්නේ නැහැ කිට්ටුවෙලා තියෙන්නේ? කෝකටත් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි.