
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කීපයක නිල ලාංඡන භාවිත කරමින් දිනකට රුපියල් 10,000 සිට 50,000 දක්වා නිවසේ සිට මුදල් ඉපැයිය හැකි රැකියා අවස්ථා තිබෙන බවට පවසමින් ජනතාව නොමග යවනසුළු ව්‍යාජ දැන්වීම් විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය.
එම දැන්වීම්වල ඇති ලින්ක් එක ක්ලික් කළ විට පරිශීලකයාව රැගෙන යන්නේ නිල ලාංඡනය සහිත වෙබ් අඩවියට නොව වෙනත් වෙබ් අඩවියකට බවද ඔහු පැවැසුවේය.
එසේම මෙම දැන්වීම් පළ කරන්නේ ව්‍යාජ මුහුණු පොත් ගිණුම් ඔස්සේ බවත් එහි ඇති ලින්ක් ක්ලික් කර එම වෙබ් අඩවි තුළට සිය පුද්ගලික ලිපිගොනු උඩුගත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් දමුණුපොළ මහතා පැවැසුවේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ලාංඡනය සහ නම සහිතව සංසරණය වන දැන්වීම් පිළිබඳව අප පුවත්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළ අතර එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශ කර සිටියේ එම දැන්වීම් ව්‍යාජ ඒවා බවත් මේ පිළිබඳ ජනතාව දැනුවත් කරමින් එම කාර්යාංශයේ නිල මුහුණුපොත් ගිණුමේ සටහනක් තබා ඇති බවත්ය.
මෙය යම් කිසි කණ්ඩායමක් විසින් සිදු කරන්නක් බවත් එවැනි දැන්වීම් වලට ජනතාව නොරැවටිය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්ද අප පුවත්පත විමසීමක් කළ අතර එහිදී ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කර සිටියේ කිසියම් වංචනිකයන් කණ්ඩායමක් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල ලාංඡන භාවිත කරමින් මුහුණු පොතේ ව්‍යාජ දැන්වීම් පළ කර ඇති බවත් එම වෙබ් අඩවිවලට එරෙහිව අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරියේදී ගනු ඇති බවත්ය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැවටෙන්න එපා
Nihal Tuesday, 17 December 2024 02:45 PM
මේ වෙනකොට නොදන්නකම නිසා දුප්පත්ම ජනතාවගෙන් ලියාපදිංචිය ගාස්තුව කියමින් විශාල වශයෙන් මුදල් එකතුකර ගනිමින් සිටියි. මොවුන්ට විරුද්ධ නීති මගින් කටයුතු කළ යුතුය. නිමක් නැතුව ගුවන්තොටුපලේ රැකියා දෙන බව විශාල වශයෙන් දැන්වීම් පලකරයි.