(අජන්ත කුමාර අගලකඩ)
විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයාම සඳහා රුපියල් මිලියන 364 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමති රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත්කරන ලද කැබිනට් සංදේශයට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (23) පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.
මෙම කැබිනට් පත්‍රිකාව මීට පෙරද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සිය විරෝධය පළකර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවැති කැබිනට් රැස්වීමේදී අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්වී ඇති අතර මංගල සමරවීර ඇමැතිවරයා ඊට දැඩි විරෝධය පළ කර ඇත.
කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ කුලි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන විදුලිබල අමාත්‍යාංශය කොළඹ නවම් මාවතේ පිහිටි කුලී ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
අදාළ කැබිනට් සංදේශය සාකච්ඡාවට ගත් අවස්ථාවේ අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිඳු මුදලක් ලබාදිය නොහැකි බව පවසා ඇතැයි දැනගන්නට තිබේ.
අලුතින් කාර්යාලවලට මුදල් වියදම් නොකරන බවට තින්දුවක් ගෙන ඇති බවත් එබැවින් විදුලි බල අමාත්‍යාංශයේ යෝජනාවට එකඟවිය නොහැකි බවත් සමරවීර මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා අදහස් දක්වමින් අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ ඉඩකඩ පහසුකම් අඩු බැවින් වෙනත් ස්ථානයකට රැගෙන යන බව සඳහන් කර ඇත.
ඒ අනුව විදුලි බල අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙන යාමට අවශ්‍ය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලංකා විදුලි සමාගමෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද තියෙන බිල්ඩිම කඩා වැටෙනවද?
ඇමති දෙන්නම ගොඩ. පාරිභෝගික අපිට බිල. මේ රජය ජනතාවගේ බුද්ධියට කරන අපහාසය කොතරම් ද!
කුලියට ගන්න. යන ගොඩනැගිල්ලෙහි අයිතිකරු පවුලේ කෙනෙක්ද, මිත්‍රයෙක්ද? මේ ගැන හොයලා බලන්න. අපේ අයියලා රටට, ජනතාවට වැඩිය පවුලේ අයට මිත්‍රයින්ට හරිම ආදරෙයි. හැම ආණ්ඩුවක් කරනකොටම මේවගේ දේවල් සිදුවුණා. නැවත පත්වෙන ආණ්ඩුවෙන් ප්රශ්නය විසඳන්න ඉඩ තියන්නේ නැතිව, මේ ගැන සොයලා බලන්න කොහොමත් මේ වගේ තැන්වල ඇමතිලා වැඩ කරන්නේ නැහැනේ. සේවකයින්ට ප්‍රශ්නයක් නැතිනම් ඇමතිලා ඇයි කරදර වෙන්නේ. ඔය නිකරුනේ වියදම් කරන මුදලින් මුළු රටටම ආලෝකය දෙන්න බලන්න.
මංගල මහත්තය පරණ නෝනා කෙනෙකුගේ පදේට නටනවා කියන්නේ ඇත්තද? දන්නේ නැති නිසයි අහන්නේ. නෝනා වෛර කරන්නේ කාටද කියල අපිනන් දන්නවා.
හොඳ කුට්ටියක් ඇති මේ වැඩෙනුත්. අන්තිමට කියයි මම මේ මුකුත් දන්නේ නැහැ කියල.
මේ රවීට නිකං ඉන්න බැහැ. මේ දවස්වල කඳුකරයට වහින්න නිසා ජලාශවලට ජලය ලැබමින් පවතිනව. මේක පාරිභෝගික අපිට හොඳ වුණාට, රවීට නම් කොහොමටත් හොඳ නැහැ. ඉතින් කොහෙන් හරි රිංග ගන යන්න තමයි උත්සාහ කරන්නේ.
රවී හොරා. ඉඩ දෙන්න එපා.
බොන්ඩ් මගඩියට මෙයාට නීතිය ඉදිරියට පත් කරන්නෙ නැත්ද?
රනිල්, රවී නැති ආණ්ඩුවක් අපිට ඕනෑ...
ඔව් ඉතින් මේ පාපය, මේ මජර ක්‍රමය තියන තුරාවට මේ රටේ ඉන්න ජනතාවට සදාකල් විඳින්න වෙනවා. අර එකක් මතකද කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල ?
මේ අයට ඕන හොඳ කාමර, සැප පුටු, යාන වාහන වගේ භෞතික දේවල් මිසක් වැඩ නෙමෙයි.
රයිගමයයි ගම්පොළයයි. ඔය විකට වලින් රටට වැඩක් නෑ
තව වැජඹෙන්න තියෙන්නේ සුළු කාලයයි....... ඡන්දෙදි බලාගන්නම්......
මෙතෙක් කතාව... හේ රවී කරුණානායක නම් විය...