(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ)
තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු හතරක් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.
එසේම පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීම සඳහා පෙත්සම් හි වගඋත්තරකරුවන් වන නීතිපති, වැඩබලන පොලිස්පති ඇතුළු හය දෙනෙකුට නොතීසි දන්වා යවන්නැයි ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.
අද පෙරවරුවේ නීතීඥවරුන් මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ එදින දහවල්ම අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අතර එහිදි ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් පෙත්සම සළකා බැලීම හෙටට කල් තැබිණි.
නීතිපති වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගන්නට ලැබුණු හෙයින් තමන් අධිකරණය හමුවේ පෙනී සිටින බවයි.
මෙම කරුණු මහජන අවධානය යොමු වූ කරුණක් හෙයින් මෙය ඒක පාර්ශවීය ලෙස සැළකිල්ලට නොගන්නැයි ද මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
පෙත්සම්කාර රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේ තම සේවාදායකයා සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුව නිතීයට පටහැනි ලෙස නිකුත් කර ඇති හෙයින් මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙර සිය සේවාදායකයාට වරෙන්තුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටියේය.
කරුණු සළකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම් සම්බන්ධයෙන් සළකා බැලීම හෙටට කල් තැබිණි.
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් , මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන සංගරපිල්ලෙයි පදුමනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් අද (10) මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබූහ.
නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම්හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක , එම අධිකරණයේ ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා , නවීන් මාරපන , ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ හෙට වෙනකම් මෙයා හැංගිලා.
අප නීතිමය නිගමනයන් මෙන්ම තීරණ ගැන කිසිදු අදහස් නොමැති බැවින් හෙට දවස වෙනතෙක් මෙම තක්කඩියාට නිතිය වලංගු නැද්ද යන්න දැනගනුමට කැමැත්තෙමු.මේකත් හොද අවස්තාවක් අපේ මේ සුදු කබාකාරයෝ තම "ආයෝජකයා" ගැන කියමින් කෙලින කෙප්ප අතෝරක් නැති ගොන් තර්ක විතර්ක. ඇත්තෙන්ම මේවා සාමාන්‍ය ජනතාවට රුපවාහිනියක් මගින් සජීවීව දැකගනුමට හැකි නම් සුදුකබාකාරයන්ගේද වස්ත්‍රයන් ද සුළගේ පාවිගෙන යනු ඇත.
ගිය ආණ්ඩුව කාලේ වුන දේවල්ම මේ ආණ්ඩුව කාලෙත් සිදුවෙනවා. ඔබට අගමැති වෙන්න ලොකු සුදුසුකමක් ඕක.
මෙවන් තක්කඩින් අපගේ මාතෘ භූමියට සාපයකි.
සරලම කාරණය මෙවන් වු වරෙන්තු කිරිමකට බහුතරයක් වන සාමන්‍ය පුද්ගලයෙකු ලක් වූවේ නම් කුමක් වේදෝ යන්නයි. බලන් යනකොට රන්ජන් කීව දෙවල් හරි. නීතිය කියන්නෙ ඒ අයට ඕන විදියකට නවන්න විතරක් නෙවේ රෝල් කරලා ගහගන්න පුලුවන් දෙයක්.
ලොකු ලොකු හොරකම් ඉදිරියේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්තේ ඇයි ?
පළමුව නායකයා අත්අඩංගුවට නොගෙන උපනායකයා පමණක් අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බව අභියාචනා කළේ නම් සලකා බැලීමට ඉඩ තිබුණි.
නැති බැරි කමට අනුන්ගේ අඹ, පොල් ගත්තොත් මහඋළු ගෙදර ලගින්න වෙන බව ස්ථීරයි. මහජන මුදල් ප්‍රකෝටි ගණන් හොරා කාපු අයට සළකන්නේ හොම්බෙන් ඇන ඇන.....
උසාවියෙන් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කළාම විත්තිකරුට හැංගිලා ඉදන් එම වරෙන්තුව බල රහිත කරන්න කියලා ඉල්ලන්න පුලුවන්ද? මේක මහා පුදුම නිතියක්නේ. උසාවිය තුට්ටු දෙකකකට වත් ගණන් නොගෙන විත්තිකරු හැංගිලා ඉදන් නීතිඥයෝ මාර්ගයෙන් පෙත්සම් එවනවා උසාවියේ තීන්දුව බල රහිත කරන්න කියලා. මෙය උසාවියට කරන අපහාසයක් නොවේද? මෙයින් පැහැදිලිව පෙනෙනවා, විත්තිකරුවන්ගේ නීතිඥයන් විත්තිකරුවන් සැඟවී සිටින තැන දන්නවා කියා. උසාවියේ නියෝගය පරිදි විතිකරුවන්ගේ නීතිඥවරුන් ඔවුන්ගේ සේවදායකයින්ව උසාවියට ඉදිරිපත් නොකර මේ නටන නාඩගම මොකක්ද ? මේ නීතිඥවරුන් උසාවියටත් අපහාස කරනවා නේද? ඇයි පොලිසියට බැරි විත්තිකරුවන්ගේ මේ නින්දිත නීතිඥවරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් විත්තිකරුවන් සැඟවී සිටින තැන විමසා ඔවුන්ව අත්අඩංගුවට ගන්න? රටේ ජනතාවගේ මහා ධනස්කන්දයක් මංකොල්ලකාපු මෙවැනි පාපතරයින්ට රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ උසාවියේ විනිසුරුවන් සමග යටින් යන මෙගා ඩීල් නිසාද?
අමතක උනත් ගේදොර හරකා බාන හොරකම් කළ මහජන මුදල් අමතක නැහැනේ. ඒ නිසයි ඉල්ලුවේ බේරෙන්නට නීතියෙන්.......
මේ දෙගොල්ලොම හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්න මිනිස්සු සේරම තොත්ත බබාලා කියලායි. වරෙන්තු නිකුත් කරලා දවස් ගානක් ගිහිල්ලත් තවමත් මෙයාව අල්ලගන්න බැරිවුණා කියන්නේ මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජා වෙන්න ඕන කාරණයක්. රටේ ආරක්ෂාව උපරිමව තියනවා කියලා පම්පෝරි ගහන අයට රටම අදුරන මෙයාව අල්ලගන්න බැරිනම් ත්‍රස්තවාදියෙක් අල්ලන්නේ කොහොමද ? අපිට දැන් තමයි තේරෙන්නේ ඇයි තවමත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි කියලා. සමහරවිට හෙටින් පස්සේ අත්අඩංගුවට ගන්න එකක් නැහැ. මේ කවුරුවත් රට හදන්නෙවත් හොරු අල්ලන්නේවත් නැහැ. දෙගොල්ලොම පට්ටම හොරු. එයාලා බලයේ ඉන්නකොට මෙයාලාව ආරක්ෂා කරනවා. මෙයාලා බලයේ ඉන්නකොට එයාලාව ආරක්ෂා කරනවා. අපි හැමදාම කාටහරි රැවටෙනවා.