
(අංජුල මහික වීරරත්න)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ වල කිසිදු අනුමැතියකින් තොරව අත්නෝමතික ආකාරයකට බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී ඇත.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ හෙට (19) පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව සිටි බව කියා ඇති හිටපු ජනාධිපතිවරයා එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර තිබෙන බව සඳහන් කළේය.
රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වන අතර සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සියලු පක්ෂවල නියෝජිතයන් රැස්වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට නියමිතව තිබියදී මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම අනුමත කළ නොහැකි යැයි ද හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්තනෝමතික වැඩක් නොවෙයි, තවමත් පක්ෂයට ලැදි සුළු පිරිසට කරන ගෞරවයක් හැටියට කියලා කියන්න පුළුවන්...!
ඔය තවත් කොස් ඇට බැවීමක් බළල්ලු ලව්වා...
පිනට දෙන එකටත් පොරේ. තක්කඩි දේශපාලනයේ හැටි තමයි. මෙහෙම කිව්වේ මාලිමාව සුදෝ සුදු කියලා හිතාගෙන නෙවෙයි. ඒකට තව කල් තියෙනවා...!
කොහොමත් ඉතින් මෙයාගේ හිතේ ඉන්නේ සාගල ආර්යවනේ...!
වරායේ ගුදමට කෙලියාට මහබැකුවට කෙලියාට හිරේ යන්න කලින් පොඩි සැපක් ගන්න ආසවෙලා... වගේ නරුම ලේ පිපාසිත කාලකන්නි, මිනීමරු, හැතිකරය...!
අපාර්ට්මන්ට් එකක් වගේ සාක්කුවේ දාගෙන යන පොඩි දේවල් ඔය ලැයිස්තු නමට අමතක වෙන ලෙඩක් තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවට ගිහින් ලෙඩේ වැඩිවෙන්න පුළුවන්. ඒක හින්දා යවන්න නම් එපා...!
කංචන, රමේෂ් පතිරණ හෝ සාගල වඩාත් සුදුසුයි. ඔවුන් ඡන්දය ඉල්ලා පරාද වූ බව හැබැයි, නමුත් මාලිමා සවලට හසු වූ පමණින් ඔවුන් අදක්ෂයින් වන්නේ නැහැ...!
ඉතාම ආත්මාර්ථකාමී වැඩක්. රටේ මිනිස්සු වෙනුවෙන් පරාර්ථකාමීව කැපවෙලා වැඩකරයි ලොකුවට නේද?
මේ වගේ වසල, විලි ලැජ්ජාව නැති, බල ලෝභී නාකි හිවලෙක් මේ සක්වලේම නැතිව ඇති. අර ගල් සාගලයා පත් කරන්න මොන තරම් දහම් ගැට දානවාද?
රවීට බැරි නම් ඕන කෙනෙකුට දෙන්න. අපිට මොකද...?
මේ කණු අතුගාල දාන්න දෙන්නෙම නෑනේ සමහර මිනිස්සු
කොහොමද සූත්තරපුන්චාගේ හීන් නූල...?
ඔය හදන්නේ රනිල් ඇතුළට පනින්න, අපි දන්නවා ගොනා හැරෙන්නේ පාර්ලිමේන්තුවේ මැරෙනකම්ම ඉන්න.
එහෙනම් ඉතින් මේ සැරේත්එයි වගේ තමයි.
රනිල් මාර කපටියි. බොරු කියන්නේ.. එයාගේ කැමැත්ත ඇතිව තමයි පාර්ලිමේන්තු යන්නේ...
සීයට තියං හිටපු චාන්ස් එක රවිය, මහ ලේකම් එක්ක එකතුවෙලා පොකට් ගහලා... බැලින්නම් වැල් පාලමෙන් එගොඩවෙලා තියෙන්නේ රවී...
මෙයා ඇතුළින් රවීව දාලා, රටට පේන්න වෙන එකක් රඟපානවා.. අපි නොදන්න චෙස්...
එමනිසා අලුත් මුහුණු පත්කිරීම තුළ මාලිමාවට හෝ කිසිඳු විවේචනයක් එල්ල කළ නොහැක සහ unp පාක්ෂිකයින්ට පක්ෂය පිළිබඳ නැවත බලාපොරොත්තු ඇතිවේ. පක්ෂය තුළ සිට පක්ෂය ආරක්ෂා කරන බව පෙන්වමින් පක්ෂය විනාශ කිරීම සහ සජිත් මෙන් පක්ෂය විවේචනය කරමින් හානි කිරීම නිසා පක්ෂය විනාශ විය...
මේ නාකින්. තවත් හැප්පෙනවා. ලැජ්ජවක් නැත්ද. ඕකත් මාලිමාවෙ වැඩි මනාප කෙනකුට දීලා අයින් වෙන්න. උබලට පුලුවන් හිඟා කන්න,ජාතින් කොටවන්න විතරයි. ඒක ඔප්පුවෙලා තියෙනවා දැන්. නාකියා 14 පස්සෙ වැඩ පටන් ගන්නවා කිව්වා නේද. දැන් තියෙන්නෙ හිරේට ගිහින් පොතක් ලියන එක විතරයි. ජනතාවට බදු පටවමින් නාකීයා ගොබ්බයන්ට සැප දුන්නා. නාකියා දන්නෙ ම නැතිව ඇති සැපවාහන සෙල්ලම. නාකියා. දැන් මාලිමාව අතින් මේ රට ගිලිහෙන්නේ නැහැ. ඕන. සෙල්ලමක් දාලා බලන්න. වව්ලෙක් වගේ ඉදියි අත්තක් උඩ
මිනිස්සුන්ට අමතක වෙනවට චොප්පෙ අයිය හන්දියෙ අඩිපුඩි පෙන්නනව වගේ මේගොල්ලොත් මිනිස්සුන්ගෙ අවදානෙ දිනාගන්න පොඩි වලියක් දාගන්නව වගේ ?
පලපුරුදු තක්කඩි
ඉතින් ඊට පස්සේ මේ අර්බුදය විසදන්න රනිල් තනතුර බාරගත්තලු !!!!
ජොලි සීයාගේ හොඳම ගෝලයා නේ .පළපුරුදු අය ඕනි කිව්වේ සීයා නේද .නියමයි හොඳට පළපුරුදු හොරෙක් යවලා