
(අංජුල මහික වීරරත්න)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රවී කරුණානායක මහතා මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තෝරා ගත් බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම එම පක්ෂයේ මහ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය විසින් මැතිවරණ කොමිසමට දැනුම් දුන් අතර එම දැනුම් දීම කර තිබූයේ පක්ෂයේ අනුමැතියකින් තොරව බව පසුව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන එක නතර කළ යුතුයි. ජනාධිපතිට 2/3 බලයක් තියෙනවා නීතී සම්පාදනය කරන්න. පනින එක නතර කරනවා සේම මෙයත් නතර කළ යුතුයි...
සීයා, වැල් පාලමෙන් එගොඩ කරවපු එකම දරුවා...
මහජන මතයට විරුද්ධයි .නීතිය ක්‍රියාත්මක කරන්න
කිරි මුට්ටියට ගොම කන්දක්
මොහු කලොත් කරන්නේ හොර වැඩම තමයි .එලවලාම දමන්න ඕනේ
ෂා !! නියම ගේමක්නේ දීලා තියෙන්නේ. බලන්නකෝ මුහුණේ තියෙන සාඩම්බර හිනාව. රටක් හදන්න නියම පොරක්නේ ඇවිල්ලා ඉන්නේ. අපිටත් හිනා නවත්ත ගන්න බැහැ මේ ගහපු ගේම දැක්කහම.
දූෂණ චෝදනාවක විමසීමකින් පසුව නිර්දේශ මත තනතුරින් ඉල්ලා අස්වුණා රවී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට කොහෙත්ම සුදුසු අයකු නොවේ . විශ්වාසභංගයක් ගෙනැවිත් මොහුව පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතුයි
පට්ට හොරෙක් පාර්ලිමන්තුවට රිංගලා
ගෑස් සිලින්ඩරයට ලබන සැරේ මේ ලැබුණු 5 ත් නොලැබෙන එක සිකුරුයි .මේ පට්ට හොරෙක් නේ
මේ තමයි ජොලි සීයාගේ පළපුරුදුම මහ බැංකු සහ සතොසේ දූෂණවලට වගකිව යුතු පුද්ගලයෙක්
කොහොමද ජොලි සීයාගේ පත් කිරීම්
මු කරන්නෙම හොර වැඩ
මම හිතන්නේ මේක ව්‍යාජ ගැසට් එකක්..
කොහොමද වැඩ. වෘත්තීය වංචාකරුවෙක්. පාර්ලිමේන්තුව විකුණයි.
මෙයා හොදයි හොරකම්කරන්න. මහ බැංකුවේ වැඩවලින්ම කොපමණ හම්බකලාද ?
පාර්ලිමේන්තුව අවලස්සන කරන කාලකණ්ණි හොරෙක්.