(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
විදුලි බල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් කර රුපියල් කෝටි 364 ක වියදමින් වෙනත් ස්ථානයකට ගෙන යාමේ හදිසි අවශ්‍යතාවය කුමක්දැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවට වහාම කරුණු දැක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.
මේ වන විට දැඩි ලෙස පාඩු ලබමින් තිබෙන මෙම අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමේ කිසිම අවශ්‍යතාවයක් නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රට අධික ණය බරකින් පීඩාවට පත්ව තිබෙන අවස්ථාවක ඇමතිවරුන් සැප විඳීම සඳහා කරන මෙම කටයුතු අනුමත කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කීවේය.
රවී කරුණානායක ඇමැතිවරයාගේ යෝජනාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විරුද්ධ වී ඇති නමුත් අමාත්‍යාංශය යටතේ ඇති ලෙකෝ ආයතනය හරහා එම මුදල් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි කී හඳුන්නෙත්ති මහතා එම මුදල් අම්මා අප්පාගේ බූදලයකදැයි තමන් ප්‍රශ්න කරන බවද පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් .. මහජන සේවය කරන්න ඒවා ඕනේ..
ඉන්නෙත් තව මාස හතරයි. ඉතා කෙටි කාලයක්... මේ රවී රටටත්, එක්සත් ජාතික පක්ෂයටත් කොඩිවිනයක්...
රවීගේ අමාත්‍යංශය කොහෙවත් ගෙනියන්න ඕනේ නැහැ.. ඔය තියන තැන හොඳටම හොඳයි.. එ්ත් ජේ.වී.පී. එකනම් මුහුදට තල්ලු කරලා දැම්මට.. අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ.. !
දැන් තමයි ඇහැරිලා තියෙන්නේ. මේගොල්ලෝ ඕක කියන්න ඉස්සෙල්ල සාමාන්‍ය ජනතාව ඕක කියල ඉවරයි...
අපේ රට වෙනුවෙන් ක්‍රිකට් ගසා ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක එකට අපු පලවෙනි සහ එකම ක්‍රිකට් ක්‍රීඩකයා නුවන් කුලසේකර, ඔහුට සමුගැනීමට අවසන් තරගයක්වත් දෙන්න අපේ තේරීම් කමිටුව ගුණමකු වී ඇත. අපේ පසුගිය කාලයේ රට වෙනුවෙන් ක්‍රීඩා කල ක්‍රිකට් වීරයන්ට මේ විදිහට සලකන කොට, අපේ ක්‍රිකට් පුතාලාම වැටෙන එක පුදුමයක් නොවේ. ලංකාවේ හැමදාම නොසුදුස්සට තනතුරු ලැබේ. මතකනේ එකපාරක් උසස්පෙළ වත් සමත් නැති පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තෙල් සංස්ථාවේ සභාපතිකම දීලා... ඔහු හෙජින් ගිවිසුමක් ගහල රටට ඩොලර් ප්‍රකෝටි ගණනක පාඩුවක් කළා.. ඔහුටම තේරීම් කමිටුව භාරදෙන්නේ වෙන එකෙක් නැතිවද?
මේක අනුමත කළ රනිල්ට මනාප නම් දෙන්න එපා. එජාප ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන රනිල් පහළට දමමු.
රවී පිස්සු නොකළේ මේ රටේ දේශපාලනයෙන් සමුගෙන බිස්නස් කරන්න.
මේ හොරකම්වලට ඉඩදෙන එජාප නායක රනිල් පළමුව පැන්නිය යුතුයි. ඔහු ගැන අපි සිතුවේ අපේ දේශපාලනයේ ඉන්නා අවංකම කෙනෙක් කියලයි. ඩඩ්ලි වගේ කෙනෙක් කියලයි. නමුත් රනිල් හොරුන්ට උල්පන්දම් දෙන සීතල හොර නායකයෙක් දැයි අපට සාධාරණ සැකයක් ඇති වෙයි.
ජෙප්පෝ කරන්නේ කීයක් හරි හොයාගන්න හදන කොට බාල්දියක් පෙරළන එක විතරයි.
ගසාකන එකනම් අකුරටම කෙරෙනවා මේ උන්දැලාගෙන්.. රටට හෙන ගැහිලා ගියත් අපිට මොකෝ නේද කියලා හිතෙනවා ඇති මෙයාලට...