(රංජන් කස්තුරි)

අවිධිමත් ලෙස තෝරාගත් සේවාවන් කීපයකට පමණක් වයස අවුරුදු  63 වනතෙක් සේවා දිගු ලබාදීමෙන් රාජ්‍ය සේවාව බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන් විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇතත් පරිපූරක වෛද්‍ය සේවාවට එවැනි දීර්ඝ කිරීමක් ලබා දී නැතැයි ද රවී කුමුදේශ් මහතා කීවේය.

පරිපූරක වෛද්‍ය සේවාවට අදාළ තනතුරුවලට වයස අවුරුදු 63 දක්වා සේවාදිගු ලබාදීමේ කැබිනට් පත්‍රිකාව මාස දෙකකට අධික කාලයක් තිස්සේ මුදල් අමාත්‍යංශයේ හිරවී ඇතැයිද කුමුදේශ් මහතා පවසයි.