( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සැකකරුවන්ට අද පස්වරු 4.00 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද(13) අභියාචනාධිකරණය නියෝග කළේය.
එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරන ලදී.
අද පස්වරු 4 ට පෙර අධිකරණයට ඉදිරිපත් නොවන සැකකරුවන් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති වරෙන්තුව අනුව ක්‍රියාත්මක වීමට නීතිපතිවරයාට අවකාශ සැලසෙන බවද එම තීන්දුව තුළින් සඳහන් වුණි.
තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවී කරුණානායක මහතා, අර්ජුන් ඇලෝසියස් ඇතුළු පස්දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අද තෙවැනි දිනයටත් යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරු මෙම නියෝගය කළහ.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 17 වනදා තෙක් කල් තැබුණි.
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂිස්, මහ බැංකුවේ හිටපු නිලධාරියෙකු වන සංගරපිල්ලෙයි පදුමනාදන්, චිත්ත රංජන් හුළුගල්ල සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරන ලදී.
නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම්හි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, එම අධිකරණයේ ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරැ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා ඇතුළු පිරිස සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති.
2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස්සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල 11 අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් සිකුරාදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහතා නැද්ද?
හොරු හොරුන්ව අල්ලන්නේ නැහැ. රන්ජන් කිව්වා හොරු එකට එකතුවෙලා දුර්වල නඩුවක් දැම්මහම නඩුව මගදී හැලෙනවා කියලා. දැන් පේන්නේ ඒක නොවයිද ?
වරෙන්තු නිකුත් කරලා අල්ල ගන්න බැරි උනා. අභියාචයක් දැම්මා. අද හවස 4 ට පෙර එන්නලු. දැන් ඉන්න. එළියට එනකොට හිටපු තැන බලා ගන්නත් පුලුවන්. ආවේ නැතොත් නීතිය ක්රීයාත්මක වෙනවලු.මේ මොන රටක්ද? මේ මොන නීතියක්ද?
අපේ මේ අර කළු කන්නාඩි පැළදගෙන ඉන්න නගා " මෙදා පාර මොනවා කියයිද දන්නේ නැහැ. තක්කඩියන්ව ශුද්ධ පවිත්‍ර කරලා තවත් සුදු පිරුවටකින් ඔතයිද කියලත් සැක සහිතයි.
කලින් නියෝග වලින් වැඩක් වුණේ නෑ නේද? අධිකරණය අපහාසයට ලක්වන තරමක්.
කුමට මෙරට අධිකරණය...............
රවීව ගන්න උනන්දුවක් නැහැ වගේ අපේ පොලිසියට... කෝ තවම බැරිවුණානේ.. ගමේ සිරිපාල හොරෙන් පොල් ගෙඩි 2ක් කැඩුවානම් සිරිපාලගේ නෝනා, අම්මා, පුතා ඔක්කොම අය කුඩුවේ... නමුත් රවීගේ ගෙදර අය නිදහසේ ඉන්නවා. මේක හරිද?
තව පැය තුනයි.
මහා බැංකු හොරකමට සම්බන්ධ රවී, රනිල්, මහේන්ද්‍රන් කල්ලියට දඩුවම් කරන්න නම් ජවීපේ හෝ සජිත් වැනි මොවුන්ගේ දේශපාලන සතුරෙක් බලයට ගෙන එන්න ඕනේ. රාජපක්ෂවරු මොවුන්ට දඩුවම් කරන්නේ නැත. අර මැලේසියාවේ හැංගිලා සිටි කොටි නායකයකුත් අල්ලාගෙන ආව ගෝඨාභය මහත්මයට ලංකාවේ හැංගිලා ඉන්න රවී සහ අර්ජුන ඇලෝෂියස් අල්ලලා උසාවියට ඉදිරිපත් කරන එක මහා දෙයක් නොවේ. නමුත් ඔවුන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ.
මේ නඩුකාරයෝ සේරම එකයි. ගේම සෙට් කරලා බොරුවට පෙනී ඉන්නලු. අපේ අධිකරණය කොච්චර පහත්ද ?
ඔය රවී ඉන්න තැන සිද්දිය දන්නවා . ඒ අයගේ දෙන්නෙක්ම මෙයාව ආරක්ෂා කරන්න දීලා තියනවනේ...