
(අංජුල මහික වීරරත්න)
රිලවුන් මෙරටට අයත් දූපත් වලට ගෙන ගොස් දැමීම සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තාවක් සකස් කර තිබෙන බව කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත් සහ ඉඩම් අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
සංචාරක ව්‍යාපාරය සමගත් සම්බන්ධ වන ආකාරයට එය ක්‍රියාත්මක කරන බවද ලාල් කාන්ත මහතා සඳහන් කළේය.
"රිලවුන් ඇතුළු වන සතුන් ගොවි බිම් වලින් ඉවත් කිරීමට අප දැඩි අධිෂ්ඨානයක සිටිනවා.එය අප ස්ථිරවම කරනවා. ඒක නොකර කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්න බෑ.මොන අභියෝග ආවත් අප රිලවුන්ගේ ප්‍රශ්නය විසඳනවා.මේක වසංගතයක්. එයට වසංගතයක් ලෙස සලකා උත්තර හොයන්නේ නැතිනම් වෙනත් ක්‍රම නැහැ. රිලව් රට පැටවීම ගැනත් සලකා බලනවාල ඉතා කෙටි කාලයකදී මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්නට කටයුතු කරනවා" යනුවෙන්ද ලාල් කාන්ත මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම කරන්න පුළුවන් නම් හොඳ තීරණයක්... පරිසර වේදීන්ටත් හොඳ ආරංචියක් ඒක... ගොවියන්ටත් එහෙමයි. සතුන්ටත් හොඳයි. අලින්ටත් ඒකම කරන්න පුළුවන්. ජයවේවා...! ලාල්කාන්ත අදහසට... ඉක්මණටම ක්‍රියාත්මක කෙරුවොත් මාලිමාව තව අවුරුදු 50කටවත් පරද්දන්න බැහැ.
රිලා සංවිධාන වල අය ගොවිබිම්වල මුරට දාමුද?
ඊට කලින් පරිසරවේදීන් කියන ඩොලර් කාක්කන් දූපත්වල වැඩ කඳවුරු හදලා කොටු කර දාන්න ඕනෑ. ඔවුන් ලංකාවේ වගාව විනාශ කර විදේශීය ගොවි සංවිධාන වලට ලංකාවට ගොවි නිෂ්පාදන අපනයනය කරන්න උදව්කරන දූෂිතයෝ...!
ඔබ වැනි විවෘතව අදහස් ප්‍රකාශ කරන අයෙකුට හැර මෙම ප්‍රශ්ණය විසඳිය නොහැකිය.
කතාව හරියටම හරි. විසඳුම ඒකයි. ඒක කරන්න.
ත්‍රිකුණාමලය පිහිටි සෝබා දුපත හා වන්ද්‍යකරණයට ලක්කරලා ත්‍රිකුණාමලය Dockyard හි පිහිටි කැලෑ ප්‍රදේශය මේ සඳහා සුදුසුම තැන දැනටමත් වඳුරු, රිලව් එම ප්‍රදේශයේ ඉන්නවා වන්ද්‍යකරණය කරලා මුදාහැරියාම බෝවිමක්නැතිව වඳවී යයි...
ඇබර්තු නැහැ කියන්න බැහැ...! දැන්මම ඉඩ වෙන්කරලා තියන්න, තව අවුරුදු 4යි මාස 11කින් රිලව් 159කුයි නායක රිලවයි, අපි ඔය රිලා දුපතට ගෙනත් දානවා ! ඔය රිලා කතාව කියපු ඇමැති රිලවාත් ඇතුළුව!
ඔවුන් කන්නේ මොනවාද? බඩගින්න සෑම සත්වයෙකුටම දරාගන්න බැරිය...
ඒකට කලින් පාර්ලිමේන්තුවට ආපු අලුත් රිලව් ටික ඒ දූපත් වලට දාලා ගස් වවන්න රිළවුන්ට ඉන්න...
ඒ කියන්නේ ඒ කාලේ එහාට මෙහාට පැනපු මන්ත්‍රීලා හම්බවෙන්න අපට ඒ දූපතට යන්න වෙනවද?
දැන් ඔය රිලව් තොගය අල්ලන්න කීයක් වියදම් වෙයිද?
හොඳ අදහසක් ... ඔවුන්ට කෑමට අවශ්‍ය දේ වගාකිරිමත් කරන්න ඕනෑ දෙයක්
හොඳ පිළියමක්. හැබැයි ගිහින් දාන්න කලින් අර කරනවයි කියන වන්ද්‍යාකරණය කරලාම ගිහින් දාන්න ඕනෑ. ඒ වගේම ඉත්තෑවුන්ට, දඬුලේනුන්ටත් සුදුසු දූපත් හොයලා ගිහින් දාලා ඒ සතුන්ට කැමැති අය ඔවුන්ව බලන්න කෑමත් අරන් ට්‍රිප් යන්න කිව්වා නම් හොඳයි වගේ..