
(මනෝ ප්‍රිය ගුණසේකර)
රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව රටින් පළා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා මේ වන විට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19)දැනුම් දුන්නේය.
එම වරදකරුට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා මේ බව දන්වා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලීණ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් රජයේ නීතීඥවරයා සදහන් කළේ මෙම විත්තිකරු රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන ආරම්භ කර ඇති බවය.
එසේම ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද එහිදී සඳහන් කෙරිණ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස රජයේ නීතිඥවරයාට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම හිටපු ජනාධිපති හිටන් හුටන් සහ අර හොර චීවර ධාරියා අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කළා නම්. අල්ලගන්න පුළුවන්.
ඇයි එතකොට අතන මෙතන රතන, පොලොන්නරුවේ ගොවියා ගැන එහෙම හොයන්නේ නැතෙයි...
ජූඩි, අතන මෙතන ඇති... ඒ රටේ කවදාවත් ලොකු අයව කුදලාගෙන ගිහින් අහන්නේ නෑනේ..