( සමන් පාලිත නානායක්කාර)

කුලී  පදනම මත රැගෙන ආ මෝටර් රථයක් හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයේදී අද( 8)  රියදුරු බැඳ දමා මෝටර් රථය පැහැරගෙන ගොස් ඇතැයි හපුතලේ පොලිසිය කියයි.

මොරටුව සිට අවමංගල උත්සවයකට හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශය ට පැමිණි මෝටර් රථයක් මෙසේ පැහැරගෙන ගොස් තිබේ.

මොරටුව සිට තිදෙනෙකු මෙම මෝටර් රථය කුලී පදනම මත රැගෙනවිත් රියදුරු  බිය ගන්වා අතපය බැඳ දමා වාහනය රැගෙන පලාගොස් තිබේ. 

රියදුරු මොරටුවැල්ල මොරටුව පදිංචි අයෙකු  බවද පොලිසිය කියයි.  හපුතලේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.