(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

බස් රථයක් පදවමින් සිටි රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයා බාධයක් හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද නිවසක තාප්පයක් කඩා ගෙන ගොස් නැවතී ඇති අතර පසුව එහි රියදුරු බස් රථය තුලදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලීසිය පවසයි .

කොට්ටාව පිළියන්දල 342 බස් මාර්ගයේ ධාවනය වන මෙම බස් රථය (20) දා අළුයම 5.45 පමණ පළමු ගමන් වාරය ආරම්භ කිරීම සඳහා කොට්ටාව බස් නැවතුම්පළට යමින් සිටියදී එහි රියැදුරුට මත්තේගොඩ ප්‍රදේශයේදී හදිස්සියේ හෘදයාබාධයක් සෑදී ඇති බව පොලීසිය කියයි .

එම අවස්ථාවේදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද තාප්පයක් කඩා ගෙන ගොස් නිවසක් අසල නැවතී මෙම අනතුර සිදුව තිබූ බව පොලීසිය කියයි .

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක් කඩා ගෙන නිවසක් අසළට ගොස් නැවතී තිබූ අතර එම අවස්ථාවේදී නිවස තුළ අඹු සැමි යුවලක් සහ දරුවෙකු රැඳී සිට ඇති අතර යම් හෙයකින් බස් රථය නිවස තුළට ධාවනය වූවේ නම් තවත් ජීවිත හානි සිදු වීමට ඉඩ තිබූ බව පොලිසිය කියයි

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කහතුඩුව  කපිල පෙරේරා (54) හැවිරිදි හැවිරිදි පුද්ගලයෙකි .