IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රියැදුරු අසුනේම රියැදුරා හෘදයා බාධයෙන් මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

බස් රථයක් පදවමින් සිටි රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයා බාධයක් හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද නිවසක තාප්පයක් කඩා ගෙන ගොස් නැවතී ඇති අතර පසුව එහි රියදුරු බස් රථය තුලදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලීසිය පවසයි .

කොට්ටාව පිළියන්දල 342 බස් මාර්ගයේ ධාවනය වන මෙම බස් රථය (20) දා අළුයම 5.45 පමණ පළමු ගමන් වාරය ආරම්භ කිරීම සඳහා කොට්ටාව බස් නැවතුම්පළට යමින් සිටියදී එහි රියැදුරුට මත්තේගොඩ ප්‍රදේශයේදී හදිස්සියේ හෘදයාබාධයක් සෑදී ඇති බව පොලීසිය කියයි .

එම අවස්ථාවේදී රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද තාප්පයක් කඩා ගෙන ගොස් නිවසක් අසල නැවතී මෙම අනතුර සිදුව තිබූ බව පොලීසිය කියයි .

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක් කඩා ගෙන නිවසක් අසළට ගොස් නැවතී තිබූ අතර එම අවස්ථාවේදී නිවස තුළ අඹු සැමි යුවලක් සහ දරුවෙකු රැඳී සිට ඇති අතර යම් හෙයකින් බස් රථය නිවස තුළට ධාවනය වූවේ නම් තවත් ජීවිත හානි සිදු වීමට ඉඩ තිබූ බව පොලිසිය කියයි

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කහතුඩුව  කපිල පෙරේරා (54) හැවිරිදි හැවිරිදි පුද්ගලයෙකි .

 



අදහස් (3)

රියැදුරු අසුනේම රියැදුරා හෘදයා බාධයෙන් මරුට

මගේ තර්කය Tuesday, 20 December 2022 01:15 PM

මගේ තර්කය මෙසේය.... හෘදයාබාධය ඇත්තාට එය කලින්ම ඉඟිකරයි ඔබගේ ඇඟ දුර්වල තත්වයක ඇතිබව හඟවමින්... බෙහෙත් ගන්න කියලා...! ඔහු ඒ දෙය කලානම් ගන්න කෑමවලින් ප්‍රවේශම් වෙන්නත් කියනවා..! අනික කලින් දවසේ කාලක් ගහලා නිදාගත්ත නිසාද බසය පාලනය කර ගැනීමට නොහැකිවුනේ.! හැබැයි ඔය 'හාට්-ඇටැක්' තීරණය දුන්නු ඩොක්ට පොළිස් රාළහාමිලා නම් මරේ මරු...!

:       26       3

Prasanna Tuesday, 20 December 2022 04:50 PM

පිස්සො දාන කමෙන්ට්ස් ඵලකරන්න එපා. උඩ තියෙන විකාර කමෙන්ට්ස් බලන්න.

:       1       1

Danasiri samaratunga Wednesday, 21 December 2022 05:30 PM

ඒ මනුස්සයාගේ ජීවිතය එපමණයි. ආයුෂ ගෙනත් තියන විදිහට බසයේ නොව ගෙදර හිටියත් ඒ මනුස්සයා මැරෙනවා. ඒක නවත්වන්න බෑ. මරුවා කතාකරන විට අපි කවුරුත් යා යුතුයි. ඒකයි ජීවිත වල හැටි... සියලු දෙනාටම බුදුසරණයි..! දෙවි පිහිටයි...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 84 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 617 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site