(රංජිත් රාජපක්ෂ )
මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත් වීමෙන් බිරිද එම ස්ථානයේම මියගොස් යතුරු පැදිය ධාවනය කළ සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව ගිනිගත්හේන පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි නෛයි ජනීරා ස්නයි නැමති (44) හැවිරිදි දෙදරු මවකි.
මෙම යුවළ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදි කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී අපරික්ෂාකාරි ලෙස යතුරුපැදිය ඉස්සරකර යෑමට උත්සහ කිරිමේදි යතුරුපැදිය ලිස්සා ගොස් බිම පෙරලී , එහිදි යතුරුපැදියේ පසුපස ගමන් ගත් බිරිද ලොරි රථයේ පසුපස රෝදයට යට වී එම ස්ථානයේම මියගොස් තිබේ.
ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රිය අනතුරින් බිරිය මරුට :සැමියා රෝහලට
wedage Thursday, 31 July 2025 11:02 AM
මරදානේ ඉඳලා යන්න බස් නැද්ද නාවල පිටියට?
Senarath Thursday, 31 July 2025 12:38 PM
මෝටර් බයික් එකේ ඔය තරම් දුරක් යන එක ඇගටත් හරිම අමාරුයි.. ඒවගේම ලොකු අවදානමකුත් තියෙනවා
ගුණරත්නThursday, 31 July 2025 06:30 PM
ඔවු එහෙම යන එක හරි අවදානම්, නමුත් මනුස්සයින්ට වාහනයක් ගන්න තියෙන අයිතිය මේ ආණ්ඩුව අහිමි කළා, ඒකෙන් වන්දි ගෙවන්නේ මේ අපි වගේ පහළම ඉන්න අහිංසක මිනිස්සු...!