
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නවතා තිබු මගී ප්‍රවාහන බස් රථයක ත්‍රි රෝද රථයක් ගැටි සිදුවු අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කල බව මුන්දලම පොලිසිය පැවසිය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්‍රි රෝද රථයෙ ගමන් ගත් මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයෙ පදිංචිකරුවන් පිරිසක් බව කියයි.
විදේශ රැකියාවක් සදහා පිටත් වීමට කටුනායක ගුවන් තොටුපල රැගෙන යමින් තිබු ත්‍රි රෝද රථයක් මෙලෙස බස් රථයෙ ගැටි අනතුරට ලක්වි ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ පුත්තලම සිට හලාවත දක්වා ගමන් කර තිබු පුද්ගලික මගී ප්‍රවාහන බස් රථය මගීන් නංවා ගැනිමට මුන්දලම රෝහල ඉදිරිපිට නවතා තිබියදී පසුපසින් පැමිනි මෙම ත්‍රි රෝද රථය රියදුරු පාලනයෙන් මිදි අනතුරට ලක්වි ඇති බවයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.