(අමදෝරු අමරජිව)

තඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතන 96 ප්‍රදේශයේදි  අද (27) සිදු වු ටිපර් රථ හා ලොරිරථ අනතුරකින් ලොරිරථයේ රියදුරු මියගොස්  ටිපර් රථයේ රියදුරු තුවාල ලැබු බව පොලිසිය කියයි.

ඩොලමයිට් පටවාගත් ටිපර් රථය ත්‍රිකුණාමලය දෙසට ගමන්කර ඇති අතර සිමෙන්ති පටවාගත් ලොරි රථය ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ගමන් කරද්දි 96 ප්‍රදේශයේ පාලමක් මතදි වාහන දෙක මුහුණට මුහුණ ගැටි ඇතැයි මුලික විමර්ශණයෙන් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අනතුර හේතුවෙන්  මාර්ගයේ රථවාහන ධාවන කටයුතු  පැයකට ආසන්න කාලයක්  ඇනහිට තිබු අතර මියගිය ලොරි රථයේ රියදුරු ලොරි රථයේ සිරවි  විනාඩි 40ක දැඩි වෙහෙසකින් පසු  මුදා ගත්තද ඔහු මියගොස් ඇතැයි පොලිසිය කිහ.

ඩොලමයිට් පටවාගත් ටිපර් රථය අදික වේගයෙන් ධාවනය වි ඇති අතර ලොරියේ ගැටෙනවාත් සමග ඩොලමයිට් අවට විසිරි ගොස් තිබිනැයි පොලිසිය කීහ.

මියගිය අයගේ සිරුර තඹලගමුව කෝවිල්අඩි රෝහලේ තැන්පත් කර ඇත.තුවාල ලැබූ අයද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

 තඹලගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ මෙහෙයවිමෙන් රථවාහන අංශයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක නාකන්දල මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.