IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රිය අනතුරකින් ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයෙක් මරුට


(ඩබ්ලිව්.ඒ. අසේල)


මහනුවර රන්දෙණිගල රජමාවතේ ගුරුදෙණිය ප්‍රදේශයේදි කැබ්රථයක් හා යතුරුපැදියක් එකට ගැටීමෙන් සිදුවූ  රිය අනතුරකින් යතුරුපැදියේ ගමන් ගත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. 


මෙසේ මියගොස් ඇත්තේ මහියංගනය ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු තිස් නවයක් වන එම්.එම්.එන්. හේරත් නැමති පොලිස් නිලධාරියායි.


ඔහු අද (01) පාන්දර යතුරු පැදියේ නැගී මහනුවර දෙසට ගමන් කරමින් සිටින විට අධික වේගයෙන් පැමිණි කැබ්රථය යතුරුපැදියේ වැදී ඇති අතර ආපස්සට මීටර් විසිතුනක් පමණ විසිවී වැටී එම ස්ථානයේදීම මියගොස් ඇත. 


මයිලපිටිය ප්‍ර දේශයේ පුද්ගලික වැඩපලක පුද්ගලයින් හතරදෙනෙකු කැබ්රථයේ ගමන් කර ඇති අතර ඔවුන් අධික ලෙස බීමත්ව සිටි බවට පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී ඇත. යතුරු පැදියේ වැදුණූ කැබ්රථය පාරෙන් ඉවතට පැන අසල තිබූ අධි බලැති ට්‍රාන්ස්පෝමරයක වැදී නැවතී ඇති අතර  ට්‍රාන්පෝමරයටද අලාභහානි සිදුවී ඇත.

 
ප්‍ර දේශයේ විදුලිබලයද එම මොහොතේ සිට විසන්ධී වි ඇති අතර තවමත් එය යථා තත්ත්වයට පත්කොට නැත. 


මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත. 


තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර ඇතුලු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.



අදහස් (0)

රිය අනතුරකින් ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site