බිමල් ශ්‍යාමන් ජයසිංහ

රිය අනතුරකින් පුද්ගලයකු මිය ගියොත් ඔහු වෙනුවෙන් මහජන බදු මුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැයවෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( අපරාධ හා රථවාහන ,ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

රිය අනතුරු කියලා කියන්න හරියට ත්‍රස්තවාදය වගේ ,පසුගිය යුද සමයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අපේ රටේ දිනකට හත් අට දෙනකු ඝාතනය කළා. තවත් හතළිහක් පනහක් තුවාල සිදු කළා. ඒ ත්‍රස්තවාදය නිසා.

අද වෙනකොට රිය අනතුරුවලින් දිනකට හත් අට දෙනකු නැතිනම් ඊට වැඩියෙන් මිය යනවා,ඒ වගේම හතළිහකට ආසන්න පිරිසක් තුවාල ලබනවා. එයත් හරියට ත්‍රස්තවාදයක් වගේ.ඒකට අපිට මාර්ග ත්‍රස්තවාදය කියලා හඳුන්වන්න පුළුවන්.

පසුගිය වසරේ රිය  අනතුරු 22000 වාර්තා වෙලා තියෙනවා,එයින් 2470වක්  මිය ගොස් ඇති අතර 14,000ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි..