IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


රඹුක්කන සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කළා

(යොහාන් භාසුර,සුජිත් හේවාජූලිගේ සහ ඉන්දිකා රාමනායක)

රඹුක්කනදී අද පැවැති විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සහිත බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කළ බවත් පොලිසිය එය වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වැළැක්වීමට අවම බලය යෙදවු වූ බවත් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වික්‍රමරත්න මහතා පැවසීය.

මෙම සිද්ධියේදී පොලිසිය බලය ඉක්මවා කටයුතු කළේද යන්න පිළිබඳව පොලිසිය මට්ටමින්ද පරීක්ෂණයක් කරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් කීය.

 



අදහස් (27)

රඹුක්කන සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කළා

Warnasinghe Wednesday, 20 April 2022 07:55 AM

යුද්ධයකදී අවම බලය වෙඩිතැබීම නම්, අරගලයකදී වෙඩිතැබීම අවම බලය වන්නේ කෙසේද?

:       3       4

වීරකෝන් මුදියන්සේ Wednesday, 20 April 2022 08:12 AM

මෙච්චර කාලයක් හැංගිලා ඉඳලා අතේ පත්තුවෙන බොරුවක් කියන්න එළියට ආවා. වීඩියෝ දර්ශන වල තියෙන විදියට පොලිස් නිලධාරින් සාමකාමී අරගලකරුවන් පසුපස හඹාගොස් මාරාන්තික වෙඩි පහරවල් එල්ල කරනවා. ඒක අවම බලයක් නොවෙයි. උපරිම බලය යෙදවීමක් බව පෙනෙනවා.

:       2       10

Polociya Wednesday, 20 April 2022 08:29 AM

ඔබේ අවම බලය මිනිසුන් මරණයට පත්කිරීමද? අපේ තේරුම්ගැනීම හරිද?

:       1       15

Mama Wednesday, 20 April 2022 08:41 AM

පාලකයින්ගේ කුක්කන් දැන් බයිලා දොඩවනවා....

:       0       13

TS Wednesday, 20 April 2022 08:52 AM

බොරු කාරයො තමයි. ගිනිතියලා අහිංසකයින්ගේ පිටින් දාන්න එපා.

:       0       13

Sk Wednesday, 20 April 2022 08:55 AM

අවම බලය කියන්නේ මැරෙන්න වෙඩි තියන එකද?

:       0       18

Sisira Wednesday, 20 April 2022 08:56 AM

අවම බලය කියන්නේ මොකක්ද? දන්නේ නැති හින්දයි අහන්නේ....!

:       0       27

Sepala Wednesday, 20 April 2022 09:06 AM

මේ තත්වය විමර්ශණය කිරීම අවශ්‍ය නැත. පොලිසිය දැනටමත් තීරණය කරලයි තියෙන්නේ...

:       0       27

ප්‍රියංකර Wednesday, 20 April 2022 09:30 AM

වීඩියෝ වලින් දැක්කා අවම බලය යොදවපු හැටි... එතකොට උපරිම බලය මොකක්ද? දේශපාලකයින් රකින්න කළාට අන්තිමට හිරේ යන්නේ වෙඩි තියපු පොලිස් නිලධාරියා... තමන්ගේ නෝනාට මහත්තයා නැතිවෙනවා, ළමයින්ට තාත්තා නැති වෙනවා, අන්තිමට පොලිස් නිලධාරියා හිරේයනවා... දේශපාලකයින් මුකුත් නොවුණු ගාණට හොඳින් වැජඹෙනවා.. මීට හොඳයි යුනිෆෝම් ගලවලා කුලී වැඩක් කරනවා. මේ අපරාධ කවදා හරි පලදෙනවා...!

:       2       34

suranga Wednesday, 20 April 2022 09:42 AM

30000 ක් නැහැ බන්, ඕකේ 19000යි තියෙන්නේ...

:       0       27

ddd Wednesday, 20 April 2022 09:44 AM

ඔව් ඒක ඇත්ත .ඔබ තුමාලා ආර් පී ජී ... මිසයිල ගැහුවේ නැහැනේ රටේ මිනිස්සු දරාගන්න බැරි පෙලීමකින් ඉන්නේ.ඒක අපි හැමෝටම පොදුයි.ඔබ තුමන්ලාගේ අවුල් වල අයටත් ඒක එහෙම්ම්මමයි . එම නිසා මේ වගේ අවස්ථාවන්වල බුද්ධියෙන් වැඩ කිරීම ඉතාමත් උසස්

:       2       23

Appuhami Wednesday, 20 April 2022 09:52 AM

අවම බලය නම් ,මිනිහෙක් මලේ කොහොමද නාකියෝ .මු අවම දන්නෙත් නෑ උපරීම දන්නෙත් නැහැ

:       0       41

කිරි පුතා Wednesday, 20 April 2022 09:54 AM

ජාත්‍යන්තරයත් කිඹුල් කඳළු හෙළයි. කොටින්.එක්කත් හිටගත්තනෙ ඒ අය. මාධ්‍යත් උලුප්පවලා දෙයි. නමුත් කිසිම තැනකදි පාළනය අතට අරන් විනාශකාරී , මංකොල්ලකාරී දේවලට ඉඩ තියන්න නරකයි. රට තාම අරාජික නෑනෙ. හැම කෙනෙකුට ම ඕන අරාජික රටක්.

:       44       12

දර්ශන පෙරේරාWednesday, 20 April 2022 12:21 PM

අවම බලය පාවිච්චි කරලා රඹුක්කන මෙහෙම මැරුණා නම් උපරිම බලය යොදපු උතුරේ කොහොම මැරෙන්න ඇතිද කියලා සැකයක් හටගන්න එක සාධාරණයි.

:       2       18

Ashitha Jayanath Wednesday, 20 April 2022 10:27 AM

මෙයාටත් ගෙදර යන්න කියන්න.

:       0       32

janaka Wednesday, 20 April 2022 10:29 AM

දේශපාලුවන් ඇතුළු කඩේ යන ආරක්ෂක අංශයේ අයට ජනතාවගේ අවම බලය පාවිච්චි කරන දවස වැඩි ඈතක නෙමේ..

:       0       36

dhamneth Wednesday, 20 April 2022 10:57 AM

මේ වෙලාවේ මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ ඉන්ධන ඉල්ලා නේද ?

:       0       29

Wije Wednesday, 20 April 2022 11:02 AM

අවම බලය පාවිච්චි කලාම මෙහෙමනම් තව ටිකක් පාවිච්චි කලානම් නිවන් සැපත් ලබා දෙයිද දන්නේ නැ

:       0       38

Nuwan Wednesday, 20 April 2022 11:35 AM

මිනිස්සු සීමාවන් දැනගෙන කටයුතු කළ යුතුයි. හැමෝටම අමාරුයි. ඒත් පාවල් වසා කළහකාරීවීම නොකළ යුතුයි. මම බයියෙක් කියා වරදවා වටහාගන්න එපා. ඔවුන් එළවාගැනීම මගේත් අරමුණයි. ඒත් කළහකාරී බව ඊට විසඳුම නොවේ.

:       14       18

jaye Wednesday, 20 April 2022 11:40 AM

කෝ අර ගිනි තිබ්බයි කිව්ව ත්‍රීවීල් එක ගැන දැන් කියන්නේ නෑ නේද? ඇයි ඒ...? කවුද ඒකට ගිනි තිබ්බේ...?

:       0       24

pradeep Wednesday, 20 April 2022 12:18 PM

දැන් පරණ බොරු කියන්න එපා. හැම දේම වීඩියෝවල තියෙනවා. පොලිසිය පස්සෙන් පන්න පන්න වෙඩිතියනවා... බොහොම පැහැදිලිව තියෙනවා.

:       0       13

beau Wednesday, 20 April 2022 12:30 PM

අවම බලය..? අමු කැවිලද? කොහොමද දුවන මිනිස්සුන්ට දෙන වෙඩි පහර අවම බලය වෙන්නේ? ඇයි නුඹලාට බැරි වුණාද? මොකද මිනී මැරුවට පස්සේ ඇඳිරි නීතිය දාන්නේ? නුඹලාගේම ආරක්ෂාව සඳහා... ඒක මුලින්ම දැම්මා නම් ඔය විදිහට මිනීමරුවෝ වෙනවද? 

:       0       9

Vimukthi Wednesday, 20 April 2022 12:41 PM

වෙඩිතබා ඝාතනය කිරීම අවම බලය නම්, මහජනතාවගේ අවම බලයත් ළඟදීම බලාගත හැකිය.

:       0       10

ගමේ එකාලා Wednesday, 20 April 2022 01:58 PM

පොලිස් කියන වචනයේ තේරුමවත් හරියට නොදන්න අයයි පොලිසියේ ඉන්නේ. එහෙම අය හිතන් ඉන්නේ අවම බලය කියන්නේ වෙඩ් තියන එක කියලා...

:       0       8

siri Wednesday, 20 April 2022 02:49 PM

අවම බලය කියන්නේ මැරෙන්න වෙඩිතියන එක නම් උපරිම බලය කියන්නේ මොකද්ද මහත්තයෝ? මේක ඇවිලෙන ගින්නට පිදුරු දැමිල්ලක් නොවේද?

:       0       8

sharm warn Wednesday, 20 April 2022 03:09 PM

පොලිසියේ 8ක් තුවාල වෙලා රෝහල්ගත කළාලු.. පව්, අප් නම් දැක්කේ කඳුලු ගෑස්වලට වමනෙ දාගෙන මුහුණ හෝදන අය විතරයි. තුවාල කරේ කවුද? උද්ඝෝෂණය කරන අය දිව්වනේ වෙඩි තියනකොට... එහෙනම් පොලිසියේ අය මේ පොලිසියටත් ගහන්න ඇති...

:       0       6

පිටිගල මිලානෝ Wednesday, 20 April 2022 03:30 PM

අවම බලය මිනී මැරීම නම් උපරිම බලය කුමක්ද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 315 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 505 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 359 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 653 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1291 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 613 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site