(යොහාන් භාසුර,සුජිත් හේවාජූලිගේ සහ ඉන්දිකා රාමනායක)
රඹුක්කනදී අද පැවැති විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සහිත බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කළ බවත් පොලිසිය එය වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වැළැක්වීමට අවම බලය යෙදවු වූ බවත් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වික්‍රමරත්න මහතා පැවසීය.
මෙම සිද්ධියේදී පොලිසිය බලය ඉක්මවා කටයුතු කළේද යන්න පිළිබඳව පොලිසිය මට්ටමින්ද පරීක්ෂණයක් කරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයකදී අවම බලය වෙඩිතැබීම නම්, අරගලයකදී වෙඩිතැබීම අවම බලය වන්නේ කෙසේද?
මෙච්චර කාලයක් හැංගිලා ඉඳලා අතේ පත්තුවෙන බොරුවක් කියන්න එළියට ආවා. වීඩියෝ දර්ශන වල තියෙන විදියට පොලිස් නිලධාරින් සාමකාමී අරගලකරුවන් පසුපස හඹාගොස් මාරාන්තික වෙඩි පහරවල් එල්ල කරනවා. ඒක අවම බලයක් නොවෙයි. උපරිම බලය යෙදවීමක් බව පෙනෙනවා.
ඔබේ අවම බලය මිනිසුන් මරණයට පත්කිරීමද? අපේ තේරුම්ගැනීම හරිද?
පාලකයින්ගේ කුක්කන් දැන් බයිලා දොඩවනවා....
බොරු කාරයො තමයි. ගිනිතියලා අහිංසකයින්ගේ පිටින් දාන්න එපා.
අවම බලය කියන්නේ මැරෙන්න වෙඩි තියන එකද?
අවම බලය කියන්නේ මොකක්ද? දන්නේ නැති හින්දයි අහන්නේ....!
මේ තත්වය විමර්ශණය කිරීම අවශ්‍ය නැත. පොලිසිය දැනටමත් තීරණය කරලයි තියෙන්නේ...
වීඩියෝ වලින් දැක්කා අවම බලය යොදවපු හැටි... එතකොට උපරිම බලය මොකක්ද? දේශපාලකයින් රකින්න කළාට අන්තිමට හිරේ යන්නේ වෙඩි තියපු පොලිස් නිලධාරියා... තමන්ගේ නෝනාට මහත්තයා නැතිවෙනවා, ළමයින්ට තාත්තා නැති වෙනවා, අන්තිමට පොලිස් නිලධාරියා හිරේයනවා... දේශපාලකයින් මුකුත් නොවුණු ගාණට හොඳින් වැජඹෙනවා.. මීට හොඳයි යුනිෆෝම් ගලවලා කුලී වැඩක් කරනවා. මේ අපරාධ කවදා හරි පලදෙනවා...!
30000 ක් නැහැ බන්, ඕකේ 19000යි තියෙන්නේ...
ඔව් ඒක ඇත්ත .ඔබ තුමාලා ආර් පී ජී ... මිසයිල ගැහුවේ නැහැනේ රටේ මිනිස්සු දරාගන්න බැරි පෙලීමකින් ඉන්නේ.ඒක අපි හැමෝටම පොදුයි.ඔබ තුමන්ලාගේ අවුල් වල අයටත් ඒක එහෙම්ම්මමයි . එම නිසා මේ වගේ අවස්ථාවන්වල බුද්ධියෙන් වැඩ කිරීම ඉතාමත් උසස්
අවම බලය නම් ,මිනිහෙක් මලේ කොහොමද නාකියෝ .මු අවම දන්නෙත් නෑ උපරීම දන්නෙත් නැහැ
ජාත්‍යන්තරයත් කිඹුල් කඳළු හෙළයි. කොටින්.එක්කත් හිටගත්තනෙ ඒ අය. මාධ්‍යත් උලුප්පවලා දෙයි. නමුත් කිසිම තැනකදි පාළනය අතට අරන් විනාශකාරී , මංකොල්ලකාරී දේවලට ඉඩ තියන්න නරකයි. රට තාම අරාජික නෑනෙ. හැම කෙනෙකුට ම ඕන අරාජික රටක්.
මෙයාටත් ගෙදර යන්න කියන්න.
දේශපාලුවන් ඇතුළු කඩේ යන ආරක්ෂක අංශයේ අයට ජනතාවගේ අවම බලය පාවිච්චි කරන දවස වැඩි ඈතක නෙමේ..
මේ වෙලාවේ මිනිස්සු උද්ඝෝෂණ කරන්නේ ඉන්ධන ඉල්ලා නේද ?
අවම බලය පාවිච්චි කලාම මෙහෙමනම් තව ටිකක් පාවිච්චි කලානම් නිවන් සැපත් ලබා දෙයිද දන්නේ නැ
මිනිස්සු සීමාවන් දැනගෙන කටයුතු කළ යුතුයි. හැමෝටම අමාරුයි. ඒත් පාවල් වසා කළහකාරීවීම නොකළ යුතුයි. මම බයියෙක් කියා වරදවා වටහාගන්න එපා. ඔවුන් එළවාගැනීම මගේත් අරමුණයි. ඒත් කළහකාරී බව ඊට විසඳුම නොවේ.
කෝ අර ගිනි තිබ්බයි කිව්ව ත්‍රීවීල් එක ගැන දැන් කියන්නේ නෑ නේද? ඇයි ඒ...? කවුද ඒකට ගිනි තිබ්බේ...?
දැන් පරණ බොරු කියන්න එපා. හැම දේම වීඩියෝවල තියෙනවා. පොලිසිය පස්සෙන් පන්න පන්න වෙඩිතියනවා... බොහොම පැහැදිලිව තියෙනවා.
අවම බලය..? අමු කැවිලද? කොහොමද දුවන මිනිස්සුන්ට දෙන වෙඩි පහර අවම බලය වෙන්නේ? ඇයි නුඹලාට බැරි වුණාද? මොකද මිනී මැරුවට පස්සේ ඇඳිරි නීතිය දාන්නේ? නුඹලාගේම ආරක්ෂාව සඳහා... ඒක මුලින්ම දැම්මා නම් ඔය විදිහට මිනීමරුවෝ වෙනවද?
වෙඩිතබා ඝාතනය කිරීම අවම බලය නම්, මහජනතාවගේ අවම බලයත් ළඟදීම බලාගත හැකිය.
පොලිස් කියන වචනයේ තේරුමවත් හරියට නොදන්න අයයි පොලිසියේ ඉන්නේ. එහෙම අය හිතන් ඉන්නේ අවම බලය කියන්නේ වෙඩ් තියන එක කියලා...
අවම බලය කියන්නේ මැරෙන්න වෙඩිතියන එක නම් උපරිම බලය කියන්නේ මොකද්ද මහත්තයෝ? මේක ඇවිලෙන ගින්නට පිදුරු දැමිල්ලක් නොවේද?
පොලිසියේ 8ක් තුවාල වෙලා රෝහල්ගත කළාලු.. පව්, අප් නම් දැක්කේ කඳුලු ගෑස්වලට වමනෙ දාගෙන මුහුණ හෝදන අය විතරයි. තුවාල කරේ කවුද? උද්ඝෝෂණය කරන අය දිව්වනේ වෙඩි තියනකොට... එහෙනම් පොලිසියේ අය මේ පොලිසියටත් ගහන්න ඇති...
අවම බලය මිනී මැරීම නම් උපරිම බලය කුමක්ද?