(නිමන්ත රණසිංහ)
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අණ දුන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණ අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කෑගල්ල මහේස්ත්‍රා වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.
ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේදී ඉකුත් 19 වැනි දා පැවැති විරෝධතාවකදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 41 හැවිරිදි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් නමැත්තෙක් මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද යන සෙට් එකක් රකින්න ගිහින්, දැන් යමල්ලකෝ එල්ලුම් ගස්...
රාළහාමිලා ඔක්කොම පරිස්සමින් දැන්වත් වැඩකරන්න. ලොක්කා කොකා ගස්සන්න ' කීවාම ඔයගොල්ලොත් කොකා ගැස්සුවොත්, අන්තිමට නීතියෙන් දඬුවම් ලැබෙන්නේ ලොක්කාට නොවෙයි, කොකා ගස්සපු ඔය ගොල්ලන්ටයි. ඒ නිසා ඊළඟ වාරේ ලොක්කා ඕඩර් එක දුන්නොත් තුවක්කුව ලොක්කට හරවලා එක කොකෙක් නොවෙයි කොක්කු ඔක්කොම ගස්සන්න.
කෑගල්ල මහේස්ත්‍රාත්තුමිය වාසනා මැතිණියට අපේ ආචාරය...!