(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති නිර්පාක්ෂික අඛණ්ඩ අරගලයට අද (3) ට දින 25 ක් සම්පූර්ණ විය.
ඉකුත් අප්‍රේල මස (09) වැනි දින මෙම විරෝධාතව ආරම්භ කළ අතර එදින සිට මේ දක්වා දිවයිනේ නන් දෙසින් පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව අව්ව , වැස්ස නොතකා පිරිස එකාමෙන් තවමත් අඛණ්ඩව අරගලය වෙනුවෙන් විරෝධතාවේ නිරත වෙමින් සිටිති.
දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සර්වාගමික නායකයන්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරියන්, විශ්ව විද්‍යාල සිසුන්, මාධ්‍යවේදීන්, ආබාධිත රණවිරුවන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විද්වතුන් ඇතුළු , සිවිල් ක්‍රියාකාරීන් , විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් ද මෙම විරෝධතාවයට එක්ව සිටිති.
මෙම නිර්පාක්ෂික අරගලයට සහය දක්වමින් ආබාධිත රණවිරුන්වද අඛණ්ඩ සතග්‍රහයක නිරතව සිටිනු දක්නට ලැබිණි.
අඛණ්ඩ අරගලයේ නිරත විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පාඨ කියමින් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අවට ද විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.
මුස්ලිම් බැතිමතුන්ගේ උපවාස කාලය නිමා කරමින් ඔව්හු අද රාමසාන් උත්සහවට පැවැත් වු අතර, බොහො මුස්ලිම් බැතිමතුන් සංවිධාන ගත වී දිවා ආහාර ඇතුලු විවිධ ආහාර පාන වර්ග රැගෙන දහවල් අරගල භූමිය වෙත පැමිණ අරගලකරුවන් සමග එකව ආහාර බෙදා ගෙන අනුබව කිරීම විශේෂ සිද්ධියක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd