රෝමයේ නගරයක සිංහයෙක් නිදැල්ලේ සැරිසැරීමත් සමඟ මහත් බියක් හටගත්තේය. සිංහයා සැරිසරන්න වූයේ ලැඩිස්පොලි නමැති නගරයේය.
රාත්‍රි කාලයේ සිංහයා නගරයේ සැරිසරන අයුරු නගර වැසියන් දසුන් ජංගම දුරකතනවලින් පටිගත කර ඇති අතර, එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
‘කිම්බා’ නමැති මෙම සිංහයා සර්කස් කණ්ඩායමකට අයත් එකකු බවත්, ඌ සර්කස් කණ්ඩායමෙන් පැන ගොස් නගරයේ සැරිසැරූ බවත් පසුව අනාවරණය විය.
සිංහයා අල්ලා සර්කස් කණ්ඩායමට බාර දුන් බව ද පැවැසිණි.
සර්කස් කණ්ඩායෙම් භාරකරු පවසා ඇත්තේ, පැය කිහිපයක් නිදැල්ලේ සිටි සිංහයා අනතුරකින් තොරව, යළි අල්ලා ගැනීම හැකි වුණු බවය.
සිංහයා කූඩුවෙන් පැනගිය අයුරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.
එය සර්කස් කණ්ඩායමට ප්‍රසිද්ධියක් දීමේ අරමුණින්, සර්කස් කණ්ඩායමේ පිරිස් හිතාමතා කළ බොරුවක් විය හැකි බව පොලිසිය පවසා ඇත. පොලිසිය ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රෝමයේ නගරයක සිංහයෙක් නිදැල්ලේ
අරවින්ද මොනරවිල Monday, 13 November 2023 12:06 PM
කොළඔ නගරයේත් සැරිසරනවා නාකි හිවලෙක්, ආරක්ෂාව ඇතුව...!
Rata PerataMonday, 13 November 2023 01:16 PM
සම්පූර්ණ ඇත්ත. ඒත් පස්සෙන් යන තව හිවල්ලු ටිකකුත් ඉන්නවා. ඉක්මණට නිර්වින්දනය කරලා කුඩු කළේ නැතිනම් රටම ඉවරයි...
Isuru Chathuranga Monday, 13 November 2023 01:20 PM
හරි ස්වීට් ඒ සිංහයාගේ නම නම්...!
Siri Monday, 13 November 2023 03:30 PM
ඕක මොකද්ද අප්පා...? මිලානෝ නගරයේ යනඑනමන්නැති සිංහයෝ බරගාණක් මහපාරේ නිදාගන්නේ...!