IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි

(අංජුල මහික වීරරත්න)

රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්, රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සාකච්ඡා අරඹා තිබේ.

මෙම වැඩසටහන සඳහා රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන 164ක් පමණ සහභාගි විය. දැනට රැමේනියා රැකියා සඳහා ලියාපදිංචි රැකියා නියෝජිතායතන 235ක් පමණ කටයුතු කරයි.

රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලැබී තිබෙන අතර, එම රැකියා අවස්ථා සඳහා වීසා අයදුම් කිරීමේදී අධික ප්‍රමාදයන් ඇතිවන බවට විදේශ රැකියා නියෝජිතායතන විසින් කාර්යාංශයට දැනුම්දීමෙන් අනතුරුව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඒ සම්බන්ධව රුමේනියා තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ.

වීසා සඳහා ඉදිරිපත් කරන ලියවිලිවල තිබෙන අඩුපාඩු මෙන්ම වීසා ලබාගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වීම වැනි කාරණා මෙලෙස වීසා ප්‍රමාදයට හේතුවක් බව තානාපති කාර්යාලයෙන් දැනුම්දීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිවැරදිව වීසා අයදුම්පත්‍ර සමග ලියකියවිලි ඉදිරිපත්කිරීම හා සම්මුඛ පරීක්ෂණයේදී ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව දැනුවත් කිරීම් කළ බව කාර්යාංශය පවසයි.



අදහස් (3)

රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි

Tharindu Monday, 03 February 2025 05:06 PM

ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන 235.. සන්තෝ පුදුම විදේශ ගතවීමක් වෙන්නේ...

:       0       8

telson heck Tuesday, 04 February 2025 01:37 AM

රුමේනියාව යනු යුරෝපයේ දුප්පත්ම රටකි.බොහෝ රුමේනියානුවන් සමහර යුරෝපීය රටවල සුදුසුකම් නොලබන රැකියා කරමින් ජීවත් වෙති.ඔවුන් පාට මිනිසුන්ටද කැමති නැත.ශ්‍රී ලාංකිකයන් විදේශගත වීමට "මෙතරම් සතුටින්" සිටින්නේ මන්දැයි මට තේරෙන්නේ නැත.

:       0       0

Nihal Tuesday, 04 February 2025 11:49 AM

රැකියා නියෝජිතයන් ලක්‍ෂ 18 ක් ,20 ක් අය කිරීම අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට ද නීතිය ගැනත් ජනතාව දැනුවත් කිරීම ඉතා හොඳය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site