
(සුජිත් හේවාජුලිගේ)
දිස්ත්‍රික්ක පහළොවක වගාකරුවන් 3544 දෙනකු රබර් නැවත වගාව සහ නව වගාව සදහා රජයෙන් වගා සහනාධාර මුදල් ගැනීමෙන් පසු වගාව අත්හැර දමා රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් නැවත ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්
වේ.
එම මුදල අය කර ගැනීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබූ බවද එහි දැක්වේ.
දිස්ත්‍රික්ක පහළොවක වගාකරුවන් 32563 දෙනෙකු සඳහා රබර් නැවත වගාව සහ නව වගාව වෙනුවෙන් වගා සහනාධාර මුදල් දී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර දෙපාර්තමේන්තුවේ පැළ තවාන් අටක පැළ ප්‍රමාණයෙන් සියයට 64ක ප්‍රමාණයක් පමණක් පසුගිය වසරේදී බෙදා හැර නමුත් පැළ ප්‍රමාණයෙන් සියයට විස්සක් එනම් රබර් පැළ 186578ක් එම වර්ෂයේදී විනාශ වී තිබූ බවද වාර්තාව සඳහන් කරයි.
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන තුනක් සහ යතුරුපැදි 16ක් එම දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට කටයුතු කර නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ. මෙම තොරතුරු සඳහන් වන්නේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රබර් වගා ණය අරන් කෝටි 12 ක් පොලු තියලා
Prasanna Bandara Sunday, 01 September 2024 04:49 PM
ඕක මොකක්ද..? පහුගිය කාලේ අතහැරලා දැම්මේ..? කෝටි දහස් ගණන් බොල් ණය වශයෙන්..