
දකුණු කොරියාවේ සමාගමක සේවකයකු එම සමාගමේ රොබෝ යන්ත්‍රයක පහර කෑමට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්විය.
රොබෝ ප්‍රහාරයෙන් මියයගොස් ඇත්තේ ආහාර ඇසුරුම් කර්මාන්ත ශාලාවක සේවකයෙකි. රොබෝ යන්ත්‍රය යොදා ගෙන ඇත්තේ ආහාර ඇසුරුම් කටයුතු සඳහාය.
ආහාර ඇසුරුම් නිවැරදිව හඳුනා ගැනීමට අසමත් වූ රොබෝ, අසල සිටි සේවකයා ආහාර පෙට්ටියක් යැයි වරදවා වටහා ගැනීම හේතුවෙන් එම අවාසනාවන්ත මරණය සිදුවූ බව පොලිසිය පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
රොබෝ යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය නිවැරදි දැයි සොයා බැලීම සේවකයාට පැවැරී තිබුණු රාජකාරිය වූ බව පැවැෙසයි.
40 හැවිරිදි සේවකයාගේ හිස සහ පපුව රොබෝ යන්ත්‍රය හේතුවෙන් පොඩි පට්ටම් වී තිබුණි. බරපතල තුවාල ලැබූ සේවකයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd