(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ඊයේ (01) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රාත්‍රී 06.45 ට පැමිණ තිබුණි .
සියලුම නිශ්කාශන කටයුතු නිම කර ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
එහිදී නවීනතම ජංගම දුරකථන සහ එනසාල් තොගය රෙදි වලින් ආවරණය කර , තම ගමන් මලු තුළ සගවා ගෙන සිටියදී , ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් 44598 පෙරේරා , පොලිස් කොස්තාපල්වරුන් වන 106093 සමෝද් සහ 93465 ප්‍රසාන්ත යන නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
මේ වනවිට මෙම ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් පියවර ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
de silva Saturday, 02 November 2024 04:37 PM
අලි සබ්රි එහෙම දැන් ඔය පැත්තේ එන්නේ නැද්ද?