(විමුක්ති එස් රුද්‍රිගු)

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද  විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 316වූ අතර විකුණුම් මිල  327 ලෙස සටහන් විය.

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ස්ථිර නොවූ ගණුදෙනුව සිදු කරන අවස්ථාවේ විය හැකි විකුණුම් මිල ලෙස රුපියල් 311.67  ලෙස සටහන් වීම විශේෂත්වයක් විය.

 ප්‍රධාන පෙළේ වාණිජ බැංකු සහ රාජ්‍ය බැංකු වල  දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 330 ක අගයක් ගනු ලැබීය.