(හර්ෂණ තුෂාර සිල්වා)
මේ වසරේ ගෙවී ගිය කාලයේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍යයේ ස්ටලිං පවුම්, ජපානයේ යෙන් සහ ඉන්දීය රුපියල යන මුදල් ඒකකවලට සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.
ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල්වීම සහ විශේෂයෙන්ම ඇමෙරිකාව ඇතුළු දියුණු ආර්ථික සිය මුදල් ප්‍රතිපත්ති මුහුණුවර වෙනස් කිරීම හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ලැබෙන විදෙස් ආයෝජන ගලාඒම් ද ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.
එම වර්ධන තත්ත්ව සහ අපනයනකරුවන් ඔවුන්ගේ ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සහ උත්සව සමයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලාඒම් ඉහළ යෑම යන කරුණු හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයට සහ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (16) නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.45ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 172.61ක් ලෙසත් දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැක්ක මහින්ද මහත්තයාගේ ගෙදරදී හිටපු මහබැංකු අධිපති කෙනෙක් කියනවා රුපියල කඩා වැටිලා කියල.
රුපියල ඉහළ යයි . බන්දුල පහළ යයි
දැන් අර හොර නඩේ මොනවා කියයිද දන්නෑ..........
රටක ආර්ථික කළමනාකරණය හරියට කරනකොට ඕක තමයි වෙන්න ඕන. අමරුවෙන් හරි මේ රජය ගෙන යන වැඩ පිළිවෙල හරි කියලයි මට හිතෙන්නේ. අනාගතයට තව හොඳ වෙයි.
මට හිතෙන්නේ මීට ප්‍රධාන හේතුව නම් අපේ විදේශගත ශ්‍රමකයින් අවරුදු සමයේදී ලංකාවේ වෙසෙන තම පවුල් වල උදවියට විශාල වශයෙන් මුදල් එවීමයි.
රුපියල ඉහල ගිල්ල නෙමෙයි ඩොලරය පහත වැටිලා
මොකද ඔහොම වෙන්නේ මේ දවස් වල විදේශ මුදල් හුවමාරුව අඩුය. දැන් බඩු ගෙන්වීම් නැහැ නිවාඩු කාලේ නිසා.. තව සතියකින් විතර බලන්න වෙන දේ...
මේකේ අදහස් දාන අයගේ හිතේ තියෙන්නේ "අනේ රුපියල පහල වැටෙන්න " කියල ආණ්ඩුවට බනින්න. බන්දුලගේ ප්‍රාර්ථනාව ඒකම තමයි. රුපියල පහල යනකොට කිඹුල් කඳුළු හෙලන එක්කෙනෙක්වත් රටට ආදරයට කෑ ගහනවා නෙවෙයි, අවස්ථාවාදී දේශපාලනයට බොර දියේ මාළු බානවා.