නිමල් ජයරත්න
බස් ටිකට් එකට රුපියලක් අඩුවෙන් දුන්නැයි උරණවූ කොන්දොසරතරවරයකු 72 හැවිරිදි වකුගඩු රෝගියකුට බස් රථය තුළදී පහරදීම හේතුවෙන් පොලොන්නරුව රෝහලට ඇතුළත්කළ බව පොලිසිය කියයි
පොලොන්නරුව ලංගම ඩිපෝවට අයත් බසයක කොන්දොස්තරවරයකු එසේ පහරදී ඇති අතර එම බසයේ ගමන්ගත් මගියකු එම රෝගියා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. පසුව එම තරුණයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද පොලොන්නරුව පොලිසිය කියයි.
එම පැමිණිල්ලට අනුව අදාල බස් කොන්දොස්තරවරයා පස්වරු 2ට පමණ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්. ජී. සී. පී. විජේවීර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
කොන්දොස්තරවරයාගෙන් මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ, දිඹුලාගල නුවරගල පිහිටිවැව පදිංචි සිවුදරු පියෙකි. ඔහුගේ බිරිදට දෑස් නොපෙනෙන අතර ඔහු තනිව වකුගඩු රෝගය සඳහා බෙහෙත් විදගැනීමට පොළොන්නරුව වකුගඩු රෝහලට යෑම සඳහා බසයට ගොඩ වී බස් ගාස්තුව ලබාදීමෙන් පසු මෙම පහරකකෑමට ලක්ව තිබේ.
ඔහු කදුරුවෙල සිට වකුගඩු රෝහල් සඳහා ගමන් කිරීමට රුපියල් 30 ක මුදලක් කොන්දොස්තරවරයාට ලබාදී ඇති අතර රුපියල්ක මුදලක් අඩු නිසා කොන්දොස්තරවරයා පරුෂ වචනයෙන් බැන ප්‍රහාර එල්ල කොට පහර දුන් බවත් එම පහරදීම් වීඩියෝ ගත කළ තරුණයකුගේ ජංගම දුරකථනයද කොන්දොස්තරවරයා උදුරා ගෙන ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
පහර කෑ වකුගඩු රෝගියා පොළොන්නරුව මහ රෝහලේ 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියලේ අඩුවට කනට ගහනකන් බස්එක ඇතුළේ අනිත් අය නිකන් බලාගෙන හිටියද?
මේ රටට ලොකුම හෙනය දූෂිත දේශපාලුවන් පමණක් නොවේ. නූගත් අමන බස් සහ ත්‍රීරෝද රථ මැරයිනුත් මේ රටේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක්...!
අසරණ මිනිස්සුන්ට පීඩා කරන මෙවන් අමනයින්ට ලබාදිය යුත්තේ උල තැබීම වැනි රජකාලයේ දඬුවම් නොවේද?
මෙහිදී තම සාමූහික වගකීමත්, යුතුකමත් ඉටුකළ තරුණ මහත්මයාට අපේ ගෞරව පූර්ව ප්‍රණාමය. ඔබ නියම ලක් මවගේ දරුවෙක්. අගතියට පත් ඒ වයස්ගත පුද්ගලයා වෙනුවෙන් නීතිය ඉදිරිපත් විය යුතුමයි.
කාබනික ගොවිතැන් කරානම් වකුගඩු රෝගය හැදෙන්නෙත් නැහැ.. රෝහලට යන්න ඕනෑ වෙන්නෙත් නැහැ. කනත් බේරෙනවා .