(නිමල කොඩිතුවක්කු)

වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කළ බදුල්ලේ වෙළෙඳ ආයතනයකට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම වෙළඳ සැල රු. 260/- පාලන මිලක් සහිත කීරි සම්බා කිලෝවක් රු. 370/- බැගින් අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම දඩ මුදල නියම කර ඇති බව එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකාර සමාගමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩය නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කර ඇති 2024. දෙසැම්බර් 09 දිනැති අංක 2414/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග අංක 90 අනුව දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක උපරිම තොග මිල රු.255/-ක් සහ උපරිම සිල්ලර මිල රු.260/-ක් ලෙස නියම කර ඇත.