
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත්ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත්ජාතීන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග එක් ව,නවීන කෘෂිකාර්මික පිළිවෙත් සම්බන්ධයෙන් රැඳවියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, මහර බන්ධනාගාරය සහ පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය මෙම වැඩසටහන සඳහා තෝරා ගෙන ඇති අතර ඒ යටතේ කෘෂි කාර්මික ඉඩම් කිහිපයක් තිරසාර ගොවිකටයුතු සඳහා යොදාගෙන ඇත.
හරිතාගාර, සූර්යතාප ජල පොම්ප සහ දිය ඉසින පද්ධති ඇතුළු වාරිපද්ධති, හතු වගාකිරීමේ ඒකක ද සමග තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ පුහුණුව, මහර බන්ධනාගාරය සහ පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටින කෘෂිකාර්මික කටයුතු වල නියුතු රැඳවියන් සහ නිලධාරීන් වෙත ලබාදීම එක්සත්ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් සිදුකරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රැඳවියන්ගේ කුසලතා දියුණුවට වැඩසටහනක්
ලංකාපුත්‍ර Saturday, 10 December 2022 05:18 AM
රැදවියන් ලෙසට තරුණයෝ කූඩු කරන්න වෙන්නෙ ඔවුන්ට කරන්න වැඩක් නැතිනිසා තමයි පාසැලේ සාමාන්‍ය පෙළ විභාගයට පෙර ඉවත්වීම සාමාන්‍ය පෙළ ලිවීමෙන් පසුව අසමත්ව ඉවත්වීම උසස් පෙළ අසමත්ව ඉවත්වීම වශයෙන් වෙනත් දැනුමක් නැතුව සමාජ ගත්වීම් වුනාම දකින කියන දේවල් වලට පිරිස් යොමුවෙනවා සිටින පරිසරය අනුවත් ඒවා වෙනවා එහෙම වෙලවට සමහරක් මිනිස්සු අර දරුවො නොමගට යොමුකිරීම කරනවා හොරකමට යොමුකරනවා මෙහෙම වෙන්නෙ දරුවන්ට කරන්න වැඩ පුහුණුවක් නැතිවීම සුදුසුකම් අනුව රැකියාවක් නැතිවීම නිසා එනිසා මින් ඉදිරියට වත් පාසැල් හැරයන තරුණ පිරිස් ගැන සොයා ඔවුන් යහමගට ගැනීමට ,ඔවුන්ගේ දක්ෂතා අනුව රැකියා පුහුණුවක් දීම වෙනුවෙන් රජයේ මැදිහත්වීම අවශ්‍ය වෙනවා එහෙම නැතුව දැනට කරන ලෙසට විභාග සමත්වෙන පිරිසට පමණක් වියදම් කිරීමත් ඔවුන්ට රැකියා දීමත් මගින් රටේ ප්‍රශ්න විසදීමට බැහැ සෑම විටම නොමගට හෝ පාසැල් නොයන ළමයින් ගැන සොයා ප්‍රතිකාර ක්‍රමයක් වහාම ක්‍රියාත්මක කරන්න ඕන රැදවියන් ගැන පමණක් අවධානය කරල මදි කියලා තමයි මම කියන්නෙ