(ඩයනා උදයංගනී)
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
රක්ෂිත බන්ධනාගාරගත කරන්නන් වරදකරුවන් නොවන අය බැවින් රිමාන්ඩ් බන්ධනාගාරය හොරණට රැගෙන යන විට ඒ අය වෙනුවෙන් පහසුකම් ස්ථාපිත කිරීම යෝග්‍ය බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ අක්කර 200ක භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පැවති සාකච්ඡාවකට අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.
රුපියල් බිලියන 30ක් වැයවන මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට අපේක්ෂිතය.
මැගසින්, වැලිකඩ, රිමාන්ඩ්, කාන්තා යන බන්ධනාගාර එම නම් වලින්ම හොරණ මිල්ලෑවේ ස්ථාපිත කෙරෙන බවත්, බන්ධනාගාර රෝහල, බන්ධනාගාර පුහුණු පාසල, පුනරුත්ථාපන මධ්‍යස්ථානය, බන්ධනාගාර බුද්ධි අංශය ද මිල්ලෑවේත්, බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත්, නිල නිවාස සංකීර්ණයක් මාළඹේත් ඉදිකරන බව මෙහිදී සඳහන් විය.
ආරක්ෂාව සහ තාක්ෂණයට ද මුල් තැන දෙමින් නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකෙරෙන අතර බන්ධනාගාරයේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සඳහා රැඳවියන් ඉදිරිපත් කිරීමේ තාක්ෂණික පහසුකම් ද එහි ස්ථාපිත කෙරේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන හොරණ මිල්ලෑවේ පිහිටි භූමිය වතු සමාගමකට අයත් රබර් වගාකළ ඉඩමක් වන අතර එහි සේවයේ නිරතව සිටි සේවකයන් 123 දෙනෙකුට වන්දි ගෙවීමත්, ඔවුන් පදිංචිව සිටි වතු නිවාස 57ක් වෙනුවට නාගරික සංවර්ධන අධිකාරිය නව නිවාස 57ක් ඉදිකරදීමත් මෙම ව්‍යාපෘතිය යටතේම සිදුවේ.
බන්ධනාගාරය මිල්ලෑවට රැගෙනයාමෙන් පසු බොරැල්ලේ අක්කර 40 ක පිහිටි වැලිකඩ බන්ධනාගාර භූමියේ චැපල් වාට්ටුවත් බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් හෝටල් ව්‍යාපෘතියක් සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැළසුම්කර ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරිණි.
වෙනත් ආයෝජන සඳහා එම භූමියෙන් අක්කර 35ක් වෙන් කෙරෙන අතර දැනට ඒ සඳහා කැමැත්ත පළ කර සිටින ආයෝජකයන්ට අමතරව තවත් ආයෝජකයන් සිටී නම් ඔවුන්ට ද ආරාධනා කරන්නැයි අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට මෙම හමුවේ දී උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ තියෙන හොඳම ඉඩම් ටික විදේශික ධනවතුන්ට විකුණලා දාන්න නේද ඔය දඟලන්නේ ? මෙවතාවේ ප්‍රතිශතය සීයට 10 ට වැඩිද ?
අර රතුපස්වල වතුර ඉල්ලපු ළමයින්ට සහ කටුනායක ඇඟලුම් කම්හල්වල ළමයින්ට සලකපු හැටි අපිට තාම මතකයි අප්පච්චි..!!!
විකුණමු අපි විකුණමු.. චීනෙට අපි විකුණමු කොමිස් හොඳට ගහගමු බත් වෙනුවට මේ රට කමූ...
මොනවා කරන්න ගියත්... වැරැදිම දකින, බත්කන හරක් ටිකක් ඉන්නවාමයි.