
(ටී.කේ.ජී.කපිල )
ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියකට සහභාගී වී පදක්කම් තුනක් දිනා අද අලුයම දිවයිනට පැමිණියහ.
ලෝක විශ්ව විද්‍යාල බර ඉසිලීමේ තරගාවලියට සහභාගී වී රන් පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගත්හ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 50 ක බර ඉසිලීමේ විශ්ව විද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් කටාර් රාජ්‍යයේ දෝහා නුවර දී පැවැත්විණ .
එහිදී කිලෝ ග්‍රෑම් 60 බර පංතිය යටතේ තරග කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන , එල්.ජී.ඒ.එස්.ලියනගෙදර ස්නැච් , ක්ලීන් ඇන්ඩ් ජර්ක් සහ මුළු බර එසවීමේ ක්‍රම වලට බර ඔසවමින් රන් පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි . ඔහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එසේම කිලෝ ග්‍රෑම් 65 බර පංතිය යටතේ තරග කළ සබරගමුව විශ්ව විද්‍යාලයයේ පළමු වසරේ ඉගෙනුම ලබන ටී.එම්.එන්.එස්.දිසානායක ස්නැච් , ක්ලීන් ඇන්ඩ් ජර්ක් සහ මුළු බර එසවීමේ ක්‍රමවලට අනුව බර ඔසවමින් ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි . ඔහු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd