IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රනිල්ට සෙත් පතා වජිර සිරිමා බෝ සතර දොරේ කිරි උතුරවයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටුවේ කිරි ඉතිරවීමේ පූජාවක් පැවැත්විය.

මෙහිදී  අබේවර්ධන මහතා අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.‍ෙඅටමස්ථානාධිපති නාහිමියන් මෙහිදී වජිර අබේවර්ධන මහතා සමඟ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබිණි.



අදහස් (14)

රනිල්ට සෙත් පතා වජිර සිරිමා බෝ සතර දොරේ කිරි උතුරවයි

Ran Tha Wednesday, 03 September 2025 10:52 AM

යන්න ඕන කාලෙ ආවම යන්න ඕන. ඔය සෙත් පැතිලි වලින් කරන්න පුලුවන් දෙයක් නෑ. එහෙනම් බුද්ධ දර්ශනයත් බොරු වෙනව. 60000ක් දරුවො මරපු ශාපය මේ ආත්මෙ නැති උනත් ලබන ආත්මෙ විතරක් නොවෙයි ආත්ම ගානක් පල දේවි

:       43       42

සේනානායකWednesday, 03 September 2025 02:31 PM

රාජ්‍ය පෙරළන්න කැරළි ගහන අයට ආණ්ඩුවෙන් මාලු පාන් එක්ක කිරි තේ දෙන්න ඕන කියලද කියන්නේ. දැන් මේ වෙලාවේ කැරැල්ලක් ගැහුවොත් ආණ්ඩුව ඒක මර්ධනය කරන්නේ නැද්ද? මෝඩ කතා කියන්න එපා. රනිල් කියන්නේ විද්‍යා පීඨ විශ්ව විද්‍යාල නිදහස් වෙළඳ කලාප තරුණ සේවා සභාව හදපු මනුස්සයා. රටේ අවාසනාවට ධවල පත්‍රිකාව, යළි පුබුදමු ශ්‍රී ලංකා, සිංගප්පූරු වෙළඳ ගිවිසුම, එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කරන්න දුන්නේ නෑ. මතක තියාගන්න මේ රට විනාශ කළේ වාමාංශික මිනිස්සු. අද මේ රටේ මිනිස්සු දුන් විඳින්නේ ඔය නිල් රතු වාමාංශික පක්ෂ දෙකේ ප්‍රතිපත්ති නිසා...

:       49       5

ගුණරත්න Wednesday, 03 September 2025 02:35 PM

තනි අතින් අත්පුඩි ගහන්න බැහැ. නිකන් හිටි ජවිපේ අහිංසක දරුවෝ මැරුවා නොවෙයි, කාලකන්නි තරස්තවාදීන් ටිකක් පරලොව ඇරියා. ඒක රටට කරපු ලොකුම සේවයක්. එල්ටීටීඊය සහ ඔවුන්ගේ නායක ප්‍රභාකරන්ට කලේත් ඒකම තමයි...

:       16       84

නෑ මල් Wednesday, 03 September 2025 10:56 AM

කරපු හොරකන් මාට්ටු වෙන්න එපා කියලද ?

:       53       36

Mahinda Wednesday, 03 September 2025 10:59 AM

මහජන මුදල් අනීතිකව අවභාවිතා කලාම ආමිස රැකවරනය ලැබෙන වාද ?

:       51       37

කෝරලගේ Wednesday, 03 September 2025 11:34 AM

රනිල් පාර්ලිමේන්තුවට ඇතුල් වුණේ හැමවෙලේම මොන ගේමක් ගහලා හරි පිටිපස්සෙ දොරින්.ඉස්සරහ දොරෙන් ඇතුල් වෙන්න 15 පාරක් විතර හැදුවත් අසාර්ථක වුනා??? ඒ තරම් මිනිස්සුන්ට එපා වෙච්ච චරිතයක්. දැං ගේම් ගැහුවා ඇතිනේද??? මෙලෝ ලැජ්ජාවක් නැති මනුස්සයෙක්.අද රටේ සමස්ත ජනතාව ඉන්නේ NPP රජයත් සමගයි.

:       50       33

අරවින්ද මොණරවිල Wednesday, 03 September 2025 11:38 AM

කල අපරාධ පස්සෙන් පන්නන කාලයයි මේ, බෝධි පූජා ශාන්ති කර්ම හා බාරහාර අදාළම නැහැ ! නීතිය ඉදිරියේ වග උත්තර බදින්න ලැහැස්ති වෙලා හිටියා නම් හරි.

:       46       24

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 03 September 2025 12:19 PM

කිරි ඉතිරේවා නව වසරේ...

:       0       12

Neel Wednesday, 03 September 2025 12:39 PM

මහඡන මුදල් අවභාවිතා කළ අයකුට සෙත් පතා කිරි උතුරවන්න ජය ශ්‍රී මහා බෝධිය තෝරාගැනීම බුද්ධාගමට කළ අගෞරවයක්. කරැනාකර වඡීරට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය යී.

:       22       16

ChiranthaWednesday, 03 September 2025 07:24 PM

නීලකාස උන්නැහේ රනිලා 1977 පාර්ලිමේන්තුවට පැමිණි දිනයේ සිට කිසිමදාක වැටුප් හා දීමනාත් වාහන බලපත්‍රාදී කිසිවකුත් ලබා ගෙන නැහැ. එහෙම අරගෙන තිබේද නැද්ද නීලකාසට තොරතුරු දැනගැනීමේ පනත අනුව විමසා බලන්න පුලුවන් කම තියෙනවා. එහෙම තියෙද්දී වාචාලයෙක් දේශපාලන වාසි තකා කියපු දේ අහුලාගෙන මහජන මුදල් අවභාවිතා කරනවා නම් කල්ප කෝටි ගණනකින්වත් සසරින් එතෙරවීමට හැකියාවක් ලැබෙන්නේම නැහැ.

:       5       2

ගමේ එකාලා Wednesday, 03 September 2025 01:51 PM

තමුන් කරපු පින් පව් අනුව තමා සියල්ල සිද්ද වෙන්නේ,ඒක වළක්වන්ඩ මොන ජගතෙකුටවත් බැහැ...

:       1       13

Srinath Wednesday, 03 September 2025 03:06 PM

කළ වැරැදිවලට අනිවාර්යයෙන්ම... දඩුවම් විදින්න වෙනවා. මොනවා කළත් මරණයට යන පාර වළකන්න බෑ.

:       2       6

චතුරි Wednesday, 03 September 2025 06:21 PM

හාමුදුරුවන්ගෙන් අහලා ඔය බූරු නාම්බයො ටික උසාවි යන්න කලින් විජලනයට. අත් බෙහෙතක් කරගන්න. මොන දෙවියන් ලගට ගියත් වැඩක් නැහැ. මේ දඩුවම් සියල්ලක්ම දෙවියන්ගෙන් ස්වභාවධර්මයෙන් ලැබෙන්නෙ. කිසිම සමාවක් නැහැ. හොරා කෑවෙ කජු කනවා වගේ . රටේ මුදල්. කජු කෑවෙත්. අහුනොවෙයි හිතලා. මහලොකු යු එන් පී කාරයෝ. නමටත් ලැජ්ජයි. අනුර කුමාරගෙ මයිලක් වටින්නෙ නැති නාම්බෝ ටිකක්. රනිල්ට සෙත් පතලා මොනව ලබා ගන්නද. රටේජනාදිපති වෙන්නෙ හොරා කන්නද. මහත්මා ගාන්දිගෙ පොතක් අරන් කියවපල්ලා. දැන් හොරා කන්නත් නැති එකේ.

:       0       0

චින්තක Thursday, 04 September 2025 10:19 AM

හැමදාමත් කපටි කමින් රටේ ජනතාව රවට්ටන්න බැහැ, රනිල් කියන්නේ ජේ ආර් වගේම නරියෙක්. වජිරලා කියන්නේ උන්ගේ කටු කන සුනඛයෙක් විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site