(අංජුල මහික වීරරත්න)

රනිල්ට රට බාර දුන්නොත් පැය 48න් ගෑස් මිල බස්සන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එවැනි පියවර ගැනීම සඳහා දැනුම පළපුරුද්ද මෙන්ම පාලනය පාලනය පිළිබඳ හැඟීමක් තිබිය යුතු බව කී වජිර අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ 2015 වසරේදීත් රට බාර ගෙන එවැනි ආශ්චර්යන් රැසක් කර පෙන්වූයේ මෙවැනිම අමාරු ආර්ථිකයක් තිබියදී බව  සිහිපත් කළේය.

කළුතර දිස්ත්‍රික්කයේ එජාප ප්‍රතිසංවිධාන වැඩසටහන් වලට සහභාගී වෙමින් එජාප සභාපතිවරයා මේ බව සඳහන් කළේය.