
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ජය පැතීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (14) පස්වරුවේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණු ජය පිරිතක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කෙරිණ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක එක් අපේක්ෂකයකු පමණක් ප්‍රවර්ධනය වන ආකාරයට පොදු ස්ථානයක මෙවැනි ආකාරයේ ආගමික කටයුත්තක් පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනි හෙයින් එය නතර කිරීමට මෙසේ නියෝග කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පොදු ස්ථානයක මෙවැනි දෙයක් සංවිධාන කරන්නේ නම් කොමිසම ඊට විරුද්ධ නොවන බවද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ පිළිබඳව ආරංචිවීමෙන් පසුව කොමිසම කළ දැනුම් දීමකින් සංවිධායකයන් එම ජය පිරිත නැවැත්වීමට එකඟ වූ බවයි.
මෙවැනි ජය පිරිතක් පන්සලක හෝ වෙනත් ආගමික ස්ථානයක පැවැත්වීම කිසිදු ගැටලුවක් නැතැයිද සභාපතිවරයා කීවේය.
මෙම ජය පිරිත පිළිබඳව පැමිණිල්ලක් ලැබීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ඒ පිළිබඳව සොයා බැලීමට කණ්ඩායම් කිහිපයක් එහි පිටත් කර යැව්වේය. ඒ අනුව කළ විමර්ශනවලදී එය සත්‍යයක් බව හෙළිදරව් වීමෙන් පසු අදාළ සංවිධායකයන්ගෙන් මේ පිළිබඳව කරුණු විමසා කොමිෂන් සභාවේ ස්ථාවරය ඔවුනට දැනුම්දී ඇත.
මේ අනුව එම ජය පිරිත වෙනත් ස්ථානයක පවත්වන බව සංවිධායකයන් එම මැතිවරණ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නැවැත්වීම ප්‍රශස්ත ක්‍රියාවක්. රජයේම මුදල් භාවිතා කරලා වෙන්න ඇති කරන්න සූදානම් වුණේ. එවැනි දේ ජය පිරිතටත් නිගාවක් වෙන්න පුලුවන් .භාගයවතුන් වහන්සේ මේවා දේශනා කළේ මිනිසුන් යහපත් කරන්න. දේශපාලනය කරන්න නෙවෙයි.
අනේ අර අසරණ නාමොලයට ඔහොම සෙත් පතලා ඔලුව අතගාලා සනසන්න මොකෙක්වත් නැද්ද ?
කවුද දන්නේ නෑ ඒ හාමුදුරුවෝ සෙට් එක ?
ජය පිරිත් කියලා නැවත බලය දෙන්න තරම් වටිනා කට්ටිය
කරන්න පුළුවන් කුප්ප වැඩ ඔක්කොම කරන්න හදන්නේ .බම්බුවේ mr clean.
වෙනෙත් ස්ථානය ලංකාවේ නොවෙයිද? මහජන මුදල් කාබාසිනයා නොකර එකට පිරිත් දහයක් කීවත් මොකෝ!
වෙනත් පංසලක හෝ ආගමික ස්ථානයක පුලුවන්ලු? ඇයි ඒවා පොදු ස්ථාන නෙමේද? පොදු දේපල නෙමේයිද?
සංඝයා දැන් නිකාය වලට පමණක් නොවේ. පක්ෂ දේශපාලනයටත් බෙදිලා. නියමයි... දෙකෝටි ගාණක් වන ශ්‍රී ලාංකික ජනතාවට සෙත් පතන්න බැරිද?
පව්කාරයාට පින් කරන්න ගියත් ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ
බුදුදහමත් දේශපාලනීය කරනවා මේ අය