IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල්  රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවති හමුවේදී බැසිල්  රාජපක්ෂ මහතා මේ කාරණය ප්‍රකාශයට පත් කර ඇත.

අනිවාර්යයෙන්ම තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව එහිදී ජනාධිපතිවරයා බැසිල්  රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය බාර ගැනීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස  ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් අරඹා ඇතැයි බැසිල්  රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.

විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නේ නම් එය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා තිබේ.

පළාත් පාලන ආයතන වල හිටපු මන්ත්‍රීවරුන්ටත් සංවර්ධන කටයුතු සඳහා දායකවීමට අවස්ථාව ලබා දෙන ලෙස මෙහිදී බැසිල්  රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් කමිටු ක්‍රමයක් හරහා සංවර්ධන කටයුතු කිරීමට හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන ලබා දෙන බව සඳහන් කළේය.

 



අදහස් (9)

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි

චතුරි Thursday, 25 April 2024 01:23 AM

නාඩු හාල් දරුවන්ට කන්න. දීලා දෙමව් පියන් ගොනාට අන්ෆ්හලා රජ වෙන්නඇති හිතන් ඉන්නෙ. කපුටා පාටත් වෙනස් කර ගනියි. සේරම බයියො දැන් දන්නවා රනිල් විතර්ස්‍යි ඉන්නෙ බේර ගන්න කියලා. රනිල් කොහොමද රටක් පාලනය කරන්නෙ නිතියක් දන්නෙනැති ගොනෙක්. හොරුන් ආරක්ශා කෙරුවම. තව්ස්ත් හොරු බිහි වෙනවා. එක හොරෙක් ඇල්ලුවානම් අනිත් හොරුත් එලියට එනවා. රනිල්ලොකුම හොරා ඒ නිස අනිත් උන්ව අත් අඩන්ගුවට ගන්න බැහැ කිසිම කෙනෙක් රනිල්ට චන්ද්ස්‍ය දෙන්න එපා අනුකම්පාව තියෙන්නෙ බලය නැති වෙන්න ලග නිසා මතකනේ කොහොමද මුලින්ම පටන් ගත්තෙ පාලනය. මනුස්සයින්ට වදදිලා. අපේ උන්ට මුල මතක නැහැ. ඉලන්දාරි කඩේ යනවා දැන් රනිල්ට.

:       8       37

RuwanThursday, 25 April 2024 12:45 PM

රනිල් නීතිය දන්නේ නැතිනම් අනුර ද දන්නේ.. ගොන් කමට ප්‍රදර්ශනය කරන්න එපා.. මීළඟ ජනපතිත් රනිල්

:       20       11

Lankabarana Thursday, 25 April 2024 05:58 AM

සංවර්ධන කටයුතු සදහා දේශපාලුවො සහභාගී වීමෙන් සාර්ථක සංවර්ධනයක් වෙන්නෙ නැහැ අතීතයේ ගම්වල තිබුනු ග්‍රාම සංවර්ධන සමිති හරහා නාස්තියක් ,දූෂණයක් නැති සංවර්ධන කටයුතු සිදුවුණා ඒ කාලයේ සංවර්ධන කටයුතක් කලාම ලාභයක් තිබුනා නම් ඒකත් සමිතියේ ගිණුමට එකතුකර සමිති ශක්තිමත් කලා එකල ගමකට පාරක් නැත්නම් ගමම එකතුවෙලා ගැහැනු පිරිමි භේදයකින් තොරව සංවර්ධන කටයුතු කලා දැන් කරන්නෙ පාරක වලක් තිබුනත් ඒක තියෙන තැනට මාධ්‍යවේදීන් ගෙනවිත් උද්ඝෝෂණයක් කිරීම තමයි එයට ප්‍රධානම හේතුව දේශපාලුවන්ට උන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ජනතා මුදල් ව්‍යාපෘති කිරීමට වෙන්කිරීම තමයි ප්‍රේමදාස ජනාධිපති කාලයේ ජනසවිය යටතේ කලේත් සංවර්ධන කටයුතු වුනත් සමුර්ධි සෙල්ලම හරහා එහෙම සැලසුමක් ඇත්තෙම නැහැ එනිසා රට හදන්න සැබෑම උවමනාවක් තියෙනවා නම් දේශපාලුවන්ට සංවර්ධන කටයුතු සදහා මුදල් ලබාදීම නොකල යුතුය

:       2       29

Anura Thursday, 25 April 2024 06:36 AM

බලාගෙන ගියහම ඔක්කොම හොරු ටික පින්පති තුමා ගේ පිහිටෙන් ගොදයන්න් බලාගෙන ඉන්නේ

:       7       33

සෙනෙවිරත්න Thursday, 25 April 2024 10:44 AM

ලංකාව මුන්ගෙ බූදලේ වගේ, වරෙල්ල ඕන වේශයකින්, හාල් වලට රැවටෙන ප්‍රතිශතය අවමයි. එක හඩින් රටම මාලිමාවට.

:       3       37

දයාසේන අඹගහහේන Thursday, 25 April 2024 11:09 AM

01 බැසිල්ට මොළ හතක් තියෙනවා කිව්වට වත්මන් ආණ්ඩුවේ නහින දෙහින කාලයේ නිසා ඇමරිකානුවා රනිල්ට ඇතිවෙන්න ලුණු ගොරකා ගෙනාවද දන්නෙ නැහැ 02 ඊළඟට ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවේ තනතුරු දරන්න බැරිනම් එවැනි කෙනෙකුගේ නායකත්වය තියෙන පක්ෂයේ කිසිවෙකුටත් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට කිසිම සධාචාරවත් අයිතිවාසිකම් තියෙන්නත් බැහැ..

:       2       26

Prathap Thursday, 25 April 2024 12:05 PM

කොහොම හරි හොරාකන්න පොටක් මුන් හොයාගන්නවා

:       0       20

Deepal Nirosh Thursday, 25 April 2024 01:27 PM

පොදුජන එක්සත් පෙරමු‍‍ණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නෙ රනිල් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුවලු. එතකොට රනිල් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නෙ කවු ද? මොන පක්ෂයෙන් ද? අනික එතකොට රනිල් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්න පෙර මේ වසරට ව්‍යවස්ථානුකූලව නියමිත ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. ව්‍යවස්ථානුතූලව කෙසේ වෙතත් විධායක බලතල යටතේ ඒකත් කල යුත්තෙ රනිල් නෙවෙයි ද? නො කළොත්.... රනිල අපේක්ෂකය වෙන්නෙත් නෑ, එතකොට පොහොට්ටුවට අපේක්ෂකයෙක් අවශ්‍යත් නැහැ. විවාද කරන්න ඉන්න බලවේග කට්ටල දෙකෙත් එන්ජින් ඉබේම නිවෙනවා. මේ කතාව නේ ද ඊයෙ රෑ (24) දෙදෙනා සාකච්ඡා කරල තියෙන්නෙ. තව හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙටලු.

:       1       10

sugath Thursday, 25 April 2024 02:17 PM

රටේ පාලනය තමන්ගේ පරම්පරාවේ බුදලේ කියලා හිතපු කාලේ ඉවරයි.

:       0       18

ඔබේ අදහස් එවන්න

දියත

මරුවා සමග සංගීතය බලන්න ගිය දරුවා
2024 මැයි මස 05 8 0

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී 17 හැවිරිදි බාල වයස්කරුවකු ඝාතනය කර ඇති බව පානදුර උතුර ප


බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 1043 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


බිරියට පහරදුන් සැමියා පාලනයට පොලිසිය වෙඩි තියයි
2024 මැයි මස 04 1450 0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.


ඇමෙරිකා දූපත් වටේ නිරුවතින් මුහුදු සවාරියක්
2024 මැයි මස 04 125 0

සහභාගී වන්නන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් ලබාදෙන අද්විතීය නෞකා ගමනක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 55 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


නතර වූ ව්‍යාපෘති ගැන යෝකෝ කමිකාවාගෙන් පොරොන්දුවක්
2024 මැයි මස 04 900 0

නිල ණය හිමියන්ගේ කමිටුව සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යාහගත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පසු සහ මෙරට ද්වීපාර්ශ්වික ගිවිසුම් ඉතා ඉක්මනින් අවසන් ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1931 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1701 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site