(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේදී 1980 ගණන් වලදී සම්මත කරන ලද 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසත්‍ය බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවට අපහාස කර ඇති නීතීඥ නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) වරප්‍රසාද ප්‍රශ්නයක් නඟමින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
කථානායකවරයා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදී පාර්ලිමේන්තුව සම්මත කරගත් නීතියක් සම්බන්ධයෙන් ගෙන යන වැරදී ප්‍රචාරය නැවැත්විය යුතු බවද වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
එවකට සිටි කතානායක දිවංගත ඊ.එල් සේනානායක මහතා 14 වන ව්‍යවස්ථා සංශෝධනය යැයි කියමින් තම නිල අත්සන යොදා ඇත්තේ පාර්ලිමේන්තුවෙන් අනුමත කළ ලියවිල්ලකට නොවන බව නාගනන්ද මහතා අධිකරණයට වැරදි ලියවිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එසේම 14 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොවන බවට අසත්‍ය අදහස් පළ කර තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් කතානායකවරයාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල ලෝභියෙක්, දේශපාලන මඩේ එරිලා ඉන්නේ... අවට ලෝකය පෙනෙන්නේ නෑ...
මේ දේශපාලනය නම් රටට මහ විනාසයක් . මිනිසුන්ගේ අසරණකම නොදැනෙන පිරිසක්
නාගානන්ද කොඩිතුවක්කු වෙනුවෙන්
ඔය ව්‍යවස්ථාව හරිනම් මොකටද පොරොන්දු වුණේ..? අලුත් එකක් ගෙනාවා කියලා... පරණ එකෙන් උපරිම වාසිය තියෙන්නේ දේශපාලනය කරන අයට...
අරහේ කරකියාගන්න දෙයක් නැතුව ගෙදරට වෙලා ඉද්දි පිං මන්ත්‍රී කමක් දීලා පාර්ලිමේන්තු ගෙනාවා දැන් වරප්‍රසාද ඉල්ලනවා.
මෙන්න මෙයා ආයෙත් තප්පුලන්න පටන් අරගෙන.
පිස්සෙක් කලබල උනාට දොස්තර මොකටද කලබල වෙන්නේ?
බලේ තියෙනකොට මොලේ නැහැ, මොලේ පෑදෙන කොට බලේ නෑ. ඔය වයසත් එක්ක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ