
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්වී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනකු එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රී හමුවී ඇතැයි වාර්තාවේ.
මෙම හමුව සිදුව ඇත්තේ හිටපු ජනපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිවෙසේදීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් එම හිටපු මන්ත්‍රීවරු පිරිස මෙම හමුවට සහභාගි වූහ. රටේ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව දැනගන්නට ඇති අතර මෙම හමුවට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ජානක වක්කුඹුර ඇතුළු මන්ත්‍රීවරුන් 17 දෙනකු සහභාගි වීයැයි පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙම මන්ත්‍රී පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ගාවට ගිය, අලිපොහොට්ටු නම අලවලා මහින්දගේ උපදෙස් පිට වැඩ කරන සට්ටැඹි සෙට් එකම තමයි. උන් දුවපියවු කිව්වාම දුවනවා, ඉජොහ් කිව්වාම එනවා. ඕකෙ අලුත් දෙයක් නෑ.