
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිසියට මාරු කරනු ලැබ තිබේ.
මැයි 1 වැනිදා සිට බලපවත්වන පරිදි පොලිස් මූලස්ථානය විසින් මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කළ අතර වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධරයා ලෙස වසර 15ක් සේවය කර ඇත.
COMMENTS
මෙයාද CID එකට කෝල් කළේ... පිල්ලයාන්ට කතා කරන්න ඕනේ කියලා... ?
මේවා ඉතාම බාල ගණයේ වැඩ. මුල් ළමාවිය හරිහැටි සංවර්ධනය නොවුණු අය මොන තරම් ඉහළ තනතුරුවලට පත් වුණත් ඒ අය තුළ නිධන්ගතව ඇති පලිගැනීම් , කුහකකම් , ඊර්ෂ්‍යාව වගේ අවර ගණයේ ගුණාංග ඉස්මතුවීම මේ දිනවල වැඩ වඩාත් කැපී පෙනෙන කරුණක්.
ඉඩි අමීන් පොල්පෝට් හිට්ලර්.. වගේ ලොක නායකයොත් ඒක්ක කරට කර තරඟ කරලා තමයි අපේ මවුබිම මෙතුමා 4වන ස්ථානයට ගෙන්න. මෙතුමා ප්‍රේමදාස කළ කැපකිරීම දැන් ඉන්න උන් අගේ කරන්නේ නැහැ.
වසර 15 ක් පෞද්ගලික ආරක්ෂක විදිහට වැඩ කරා කියන්නේ එයාට පඩි දීල තියෙන්නේ රනිල්ද ?පුදුම විහිලු ලංකාවේ තිබිල තියෙන්නේ.
අනුරයාගේ සිඟිති ආතල්. හාල්මැස්සෝ මොනා කරන්නද?
ඔක්කොම මජර වැඩ දන්නව ඇති. කොළඹම තියාගෙන ප්‍රශ්න කෙරුවනම් එලිවෙයි.
පූර්ව ළමා විය සංවර්ධනය නොවුණු, සමාජ වෛරය, ඊර්ෂ්‍යාව, පොට වරද්දාගත් සමාජවාදය සමග ඇතිවුණු කුහකකම ඇති පාලකයෝ ඉන්න කාලවල මේ වගේ පුද්ගලික පළිගැනීම් සාමාන්‍යයි.
කුහක ජෙප්පෝ කියන්නේ ඒකනේ...
යංතං ඇති, දැං එයාට බෝල් ගාඩ් එක නැතුව වැඩට යතෑකි...!
මේවාට කියන්නේ මොනවාද? දේශපාලන පළිගැනීම් නොවේද? උතුරෙත් කෙළවරට මාලිමාවුන්ගේ පලිගැනීම්, වැඩබලන පොලිස්පතිවරයා ඊළඟ පූජිත දේශබන්දු වෙයි වගේ... ඊළඟ ආණ්ඩුවක් ආවාම..!
දේශපාලන පලිගැනීම්?
ඕවා අනුරගේ වැඩ... රනිල්ගේ ආරක්ෂකයා මාරු කළාම රට දියුණු වෙනවද?
බිලි පූජාවකට රජය සැලසුම් කරගෙන යනවා.
අවුරුදු 23ක්! අම්මෝ. ආරක්ෂාවට අමතරව වෙන වැඩත් කරන්න හැකියි. හොඳ වේලාවට මාරු කළා — නැත්තං වින්සෙන්ට්ට වෙච්ච වැඩේ වෙන්නත් පුළුවන්.
මේ වගේ වැඩ කරලා මේ ආණ්ඩුව මොනවද බලාපොරොත්තු වෙන්නේ ? දැන් අර පච මෝල උගනඩා කුමාරී ඇවිත් කියයි මිලියන 100 ක් ඒකෙන් ඉතිරියි කියලා. මේවා නිකම් ළාබාල වැඩ. රනිල් මහතා හොඳ වුවද නරක වුවද ඔහු පරිණත සහ ජ්‍යේෂ්ඨ දේශපාලකයෙක්. ඒකට ගරු කරන්න ඕන.
පච කොටා ජනාධිපතිගේ දේශපාලන පලිගැනීම් නේ
දැන්ම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි දේශපාලන පලිගැනීමක් කියලා...!
ඒකද ලොක්කා අර පොටෝ එකේ කණ කසන්නේ...?
මෙයාලාට මේ වගේ 2.50 වැඩ තමා පුළුවන්...
මේ වගේ බයෙන්, සැකෙන් මේ බොරුකාර ආන්ඩුව තව කොච්චර කාලයක් නම් කරන්නද? බොරුවෙන් ආණ්ඩු කළත් මිනිස්සුන්ට හිඟා නොකා හිඟාකාලා අපායක තමයි ඉන්න වෙන්නේ...
මේවායින් පේන්නෙ ආණ්ඩුව පළමුව රනිල්ටත් දෙවනුව මහින්දටත් බයයි කියලනේද
මේක කැකිල්ලේ වැඩක්නේ. රනිල් එක්ක තරහට ආරක්ෂක නිලධාරියාව කන්කසන්තුරේ ඇරලා මොනවද මේ රජය බලාපොරොත්තු වෙන්නේ. ඒ මාරුවත් දේශපාලන පළිගැනීමක් වගේ. මදැයි ඒකත් හොඳ සිස්ටම් චේන්ජ් එකක් තමයි. කෙනෙක්ගේ බලය බිඳින්න නම් ඒ තැනැත්තාට අත්‍යවශ්‍යම අයව ඉවත් කරන්න. කාල් මාක්ස් වෙනුවට අපේ ජේවීපී ආණ්ඩුව මකාවෙලි කුමාරයාගේ කතා පිළිපදින්න අරන් වගේ.