IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රනිල්ගෙ ප්‍රකාශයට ඩලස්ගෙන් පිළිතුරක්

(සුජිත් හේවාජුලිගේ සහ කඹුරුපිටිය ප්‍රීති ජයවර්ධන)

ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මැතිවරණ සිතියම හකුලා දැමීමේ උත්සාහයේ ඉඟියක් බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය තැතිගන්වන සුළු බියකරු එකක් බව පැවසූ මන්ත්‍රීවරයා පළාත් පාලන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් හදිසියේ මෙලෙස ප්‍රකාශයක් නිකුත් කිරීම එම මැතිවරණය කල් දමා ගැනීමේ කූට උපක්‍රමයක් විය හැකි බවද ප්‍රකාශ කළේය.

අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය හා දිවා සුරකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදීය.

මේ සම්බන්ධයෙන් රජය තමා සමග කිසිම සාකච්ඡාවක් පවත්වා නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තමාට පැවසූ බව සඳහන් කළ අලහප්පෙරුම මහතා ඔහු මෙය දැනගෙන ඇත්තේද පුවත්පත්වලින් බව සඳහන් කළේය.

මෙහි ඇති බරපතළ තත්වය එය යැයිද ඔහු පැවසුවේය.

මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කෙරෙමින් පවතින අවස්ථාවක මෙවැනි අදහස් පළ කරන්නේ අවංක වුවමනාවකින් නොවන බව පෙන්වා දෙන ඩලස් අලහප්පෙරුම මහතා රජයේ දුෂ්ට අරමුණ පරාජය කිරීම සඳහා පක්ෂ පාට භේදයෙන් තොරව එකතු වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බවද සඳහන් කළේය.

මෙම උත්සවයේදී ඕමාරේ කස්සප ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනුනායකහිමියෝ කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ සහ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් පළ කළහ.

 



අදහස් (1)

රනිල්ගෙ ප්‍රකාශයට ඩලස්ගෙන් පිළිතුරක්

sharm warn Tuesday, 11 October 2022 03:29 PM

පක්ෂ පාට වලට බෙදිලා හොරකමේ ගියේ ඔයගොල්ලෝ. මිනිස්සු එකතු වෙලා ඉවරයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site