
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝක ආහාර වැඩසටහන මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට දුන් ඩොලර් මිලියන 1300ක් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත් වී ඇතැයි ද ඒ සියල්ල එකතු වූ විට රනිල්ගේ වැය ශීර්ෂයට සමාන වී ඇතැයිද පත් කළ මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය (ජාජබ) පාර්ලිමේන්තුවේදී කීවාය.
ජනාධිපතිගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් චෝදනාවක් ආවා.රනිල්ගේ වැය ශීර්ෂය තරම්ම අනුරගේ වැය ශීර්ෂය තිබෙන බව කිව්වා. අනුරගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සඳහා කෙරෙන වැය ශීර්ෂය සියයට හැට හතරකින් අඩුකර තිබෙනවා යනුවෙන්ද හේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක ජනපතිවරුන්ගේ වැය ශීර්ෂයේ වියදම සමාන යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට පිළිතුරු ලෙස මන්ත්‍රීවරිය මේ බව කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක කිහිපයකම අත් දැකීම ඇති අය ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු අයගෙන් කන හැටි.
පිළිතුර ඉතාම වැදගත් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඔහොම යමු
ඩොලර් මිලියන 1300 ක් කියන්නේ ඩොලර් බිලියන 1.3 ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 380 ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 38000 ක්. අනුර වෙන්කර ගත්තු ගාන කෝටි 140,000 ක්. එතකොට ඉතුරු කෝටි ලක්ෂය මොනා කරන්නද? තනියම දොර ඇරගෙන බහින්නද? අනික ලෝක IMF එකෙන් අවුරුද්දටම දෙන්නේ ඩො. මිලියන 700 ආසන්න ගානක්. එහෙව් එකේ කවද්ද ලෝක බැංකුවෙන් ඩො. බිලියන 1.3 ක් දුන්නේ කියලාත් කියන්නකෝ. මාලිමාවේ පොඩි අයව ඇන්දුවට සමස්ථ ජනතාවව ඔය විදිහේ බොරු කියලා අන්දවන්න එපා.
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා ඉහළම පළපුරුදු තිබුණාට, නවක මන්ත්‍රීලාට තරම්වත් අඩුම ගානේ සාමාන්‍ය දැනුමවත් නැති ගානයි...
මේ තරම් ණය ගන්න, ආධාර ගන්න, ආධාර කරන රටක් තමයි ලෝකෙන්ම හිඟමනට වැටිලා තියෙන්නේ... මිනිස්සුන්ගේ හිත් හරි නැහැ. ඒකයි ඒ.
ගං වතුරට ගහගෙන ආපු පොල් ලෙලියි, පොල් කොම්බයි පාර්ලිමේන්තුව අස්සට ගිහින්..! මේ පාර්ලිමේන්තුවේ කතා කරපු මාලිමා නන්නත්තාරේගේ ගණිතය පිළිබඳ දැනුමෙයි, පාර්ලිමේන්තුවේ හිටපු පවිත්‍රා අක්කාගේ ගණිතය පිළිබඳ දැනුමෙයි, වැඩී වෙනසක් නැහැ..! ඩොලර් මිලියන 1,300ක් කියන්නේ රුපියල් 380,000,000,000ක්. ලෝක බැංකුවෙන්, ජෙප්පන්ට සැප්තැම්බර් 21න් පස්සේ දුන්නේ ඩොලර් මිලියන 400ක් දෙවතාවකදී. ඒකෙනුත් ඩොලර් මිලියන 200ක් දුන්නේ ණයක් හැටියටද, ප්‍රධානයක් හැටියටද කියලා, මාලිමාවේ ආර්ථික ඔස්තාර් හඳුන්නෙත්ති තම හඳුනාගන්න බැරිව, දෙකොන පූට්ටුවෙලයි ඉන්නේ..!
වෙනත් අදාල අමාත්‍යාංශවලට නොදී ඔක්කෝම ටික තමන්ට වෙන්කරගෙන. වෙළෙඳ අමාත්‍යාංශයට අවශ්‍ය නැද්ද?. කව්රු දුන්නත් ඒවා අදාල වන්නේ ලංකාවටයි. අරයා මෙයා දුන්නාය කියන කතා අදාල නැත.
ජනාධිපති වැය ශීර්ෂයෙන් 90% ක් කපාහරිනවා කියලා ඡන්දෙට කලින් ඔය තඹුත්තේගම අන්දරේ කිව්වේ...
සතයකවත් දූෂණයක් නැතිව රටට ජනයාට වියදම් කරන බව අනිවාර්යයෙන්ම ෂුවර් සීයාගේ කාලේ නෙමෙයි මේ.