(සුජිත් හේවාජුලිගේ)
පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට ගිය මන්ත්‍රීවරුන්ට ලිපියක් යවා ඇත.
එසේ ගිය මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයිද එම ලිපියෙන් දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසන්නේ සාගර කාරියවසම්ලා මොන තීරණ ගත්තත් රට ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගත් තීරණය වෙනස් නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ අර මොකක්ද සභාවේ කට්ටිය එකතුව ඔය ලේකම් සහ රාජපක්ෂ නඩය ඉවත්කරන්න යෝජනාව සම්මත කලොත් මොකද වෙන්නේ... වෙන්න බැරිද??? පුලුවන් නේද?
හිටපු මංත්‍රීලා ගෙන් සියයට 70 ක් පමණ ඉවත්වෙලා ගියාම ලිපියක් යවන්න වෙන්නෙ පුතේ ගියපු වැඩේ සාර්ථකව ඉටු කර ඉක්මනින් ආපසු එන්න මට හරි අමාරුයි කියලා තමයි. එහෙම නැතුව නම් පක්ෂය රකින්න වෙන්නෙ රාජපක්ෂලා හා ඔය පුතාගෙ නෑයො,වේයො හා මීයො පමණක් සහභාගී කරගෙන තමයි
මාරම drama එකක් හදල තියෙන්නෙ. මේ අය හිතාගෙන ඇති 69 ලක්ෂය රනිල්ට සහ මහින්දට සමසේ ලැබෙයි කියල(මහින්ද හිතන් ඇති දූෂිත නඩය අනිත් පැත්තට යවල එයා තනි වුනා කියල අනුකම්පා ඡන්ද ගන්න පුලුවන් වෙයි කියල) මේ පාර ජනතාව හොඳ පිලිතුරක් දෙයි
නයිස් ඩ්‍රාමා .කවුද පිටපත ලිව්වේ?රනිල් ද මහින්ද ද ?
මහින්ද මහත්තයාගේ නාමයෙන් තමා මේ අය පාර්ලිමේන්තු ආවේ.ඔහොම ගිහින් නැවත නම් පාර්ලිමේන්තු එක එක බොරු.අද වීරයෝ වෙලා
පොහොට්ටුවට සාගරේ ගැලපෙන්නෑ වගේ නේද?
එහෙම විනය තීරණ අරං මට්ටුවෙච්ච, එක දේශපාලුවෙක්ගෙ නමක් කියන්න පුළුවන්ද කරැණාකරල.
ලංකාවෙ දේශපාලනෙත් නිකං IPL , LPL වගේ. වෙන්දේසියෙන් සල්ලි වලට ක්‍රීඩකයො අරං ටීම් එක හදලා මැච් එක ගහනවා. ජාතියක් ජන්මයක් නෑ, ජනතාවට වගකීමක් නෑ, නිකංම නිකං අහිකුන්ටික දේශපාලනයක්.
රනිල් ලඟට ගිය සෙට් එක පාර්ලිමේන්තු චන්දෙදී අනාතයි
පියල් නිශාන්ත රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන්... ඊට වඩා හොඳයි නේද? අපි වෙනුවෙන් අපි රනිල් ළඟට ගියේ කියලා කිව්වා නම්... ඇයි මේ තරම් හැඟුම්බර? අපි ඕවාට රැවටෙන්නේ නෑ. ඔබලා බොහෝම දෙනෙක් පාර්ලිමේන්තු ආවේ මහින්ද රාජපක්ෂ මහතාට පින් සිද්ධ වෙන්න. දැන් අලි වලිගේ එල්ලිලා දිව්‍ය ලෝකයේ යන්න හිතුවාට ඔය හීනය හරි යාවිදෝ කියලා හිතන්න...
නියම වැඩේ සාගර, ආයෙ ගන්න එපා. ඔය ගිය අයට අපේ මහින්ද මහතා, කප්පම්, හොරකම්, මැරකම්, බාර් ලයිසන්, කසිප්පු-කුඩු, පොහොරවලින් ගහනකොට බේරගන්න කොච්චර හෙල්ප් කරලා තියෙනවද? මොවුන්ට කෙළෙහිගුණ දන්නේ නැති ජාතියක්..
පියල් නිශාන්ත වගේ කබ්බන්ට ඡන්දෙ දෙන්න ඉස්සරවෙලා දෙපාරක් හිතන්න..