(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර විශේෂ හමුවක් අද(29) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
අද පස්වරු 3.00ට මෙම හමුව පැවැත්වෙන අතර එය පැවැත්වෙන ස්ථානය නිශ්චිතව තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට කියන්න කැමතිනම් ලබන ඡන්දෙදි එජාපෙ අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වෙලා දිනලා පෙන්වලා තනතුරේ දිගටම ඉන්න. එහෙම නැත්නම් ගෙදර යන්න කියලා. රනිල්ට එම අභියෝගය භාරගන්න බැරිනම් ඔහුව කෙලින්ම ගෙදර යවලා ඒක සජිත්ට දෙන්න. දෙන්නම අභියෝගය භාරගන්න කැමතිනම් කාසියේ වාසිය උරගා බලන්න.
රනිල් මහත්තයෝ, ඔබතුමා වැදගත් නායකයෙකු වශයෙන් නම්බුනාම ඇතිව විශ්‍රාම යන එක තමයි හොඳ... අලුත් පරම්පරාවට නායකත්වය බාරදෙන්න. මහජනතාව ඉල්ලන තරුණ නායකයින්ට අවස්ථාවක් ලබාදෙන්න...
මෙතන අවුල තියෙන්නේ එක්තරා නාලිකා අයිති කරුවෙකුගේ බලපෑම්වලට යටත්වීමට රනිල්ගේ ඇති අකමැත්ත කියලත් කියනවා. මේ ගැන මෙන්න මේවගේ විස්තරයක් අන්තර් ජාලයේ තියෙනවා දැක්කා. " ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ‘තමාගේ" 4 දෙනෙකුට අපේක්ෂක ලැයිස්තුවල අවස්ථාවන්ද, තවත් ‘තමාගේ’ 4 දෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරම්ද ලබාදිය යුතුයැයි එක්තරා නාලිකා ප්‍රධානියෙක් සජිත් ප්‍රේමදාසට බලකර තිබේ. සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායකධුරයත්, කරු ජයසූරියට සන්ධාන නායකත්වයත්, රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකත්වයත් ලබාදෙමින් ඉදිරි පාර්ලිමේන්තු ඡන්ද සටන මෙහෙයවිය යුතු යැයි එජාප ජ්‍යෙෂ්ඨයින් පුන පුනා කියද්දීත් සජිත්ට සියළු නායක ධුරයන් අවශ්‍ය බව කියමින් ගෙන යන ‘සටනේ’ සැබෑ ස්වරූපය මෙම කතාවෙන් හෙළිදරව් වී තිබේ. කලක් රනිල්ගේ සමීප මිතුරෙකුව සිටි මෙම මාධ්‍ය හිමිකරු මීට පෙර රනිල්ගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 3 ක් ඉල්ලා එය ප්‍රතික්ෂේප කළ නිසා රනිල් දේශපාලනයෙන් පන්නා දැමීමේ සටන සිය විද්‍යුත් නාලිකා හරහා ගෙන යන බව රනිල් විසින් වසර කිහිපයකට පෙර මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ හෙළිදරව් කර සිටියේ ය." උපුටා ගැනීම අවසන්. අනේ මන්දා...
පක්ෂයටත් දැන් කෙළවෙලා තියෙන්නේ... සාකච්ඡා කර කර හිටියම ඇතිද? දැන්වත් එකතු වෙලා පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු නොකළොත් ඒකෙනුත් වාසිය ආණ්ඩුවට...