තරිඳු ජයවර්ධන
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයකු ලෙස ජනාධිපතිවරයකු ඉදිරියේ දිවුරුම් දුන්නේ පස් වැනි වතාවටය.
1993 මැයි 07 වැනි දා මුලින්ම ඔහු අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ඩී බී විජේතුංග ජනාධිපතිවරයා ඉදිරියේය. ඔහුගේ එම ධුර කාලය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වීමත් සමඟ 1994 අගෝස්තු 19 වැනි දා අවසන් විය.
යළිත් වරක් 2001 දෙසැම්බර් 09 වැනි දා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය ඉදිරියේ දිවුරුම් දුන් ඒ මහතාගේ දෙවැනි ධුර කාලය අවසන් වූයේ 2004 අප්‍රේල් දෙවැනි දා ය.
2015 ජනවාරි අට වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් පසු 2015 ජනවාරි නම වැනි දා රනිල් වික්‍රමසිංහ මහත් තුන් වැනි වතාවට අගමැති ලෙස දිවුරුම් දුන් අතර එම ධුර කාලය 2015 අගෝස්තු 21 වැනිදායින් පසු අවසන් විය.
2015 අගෝස්තු 17 වැනි දා පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මහතා සිව් වැනි වතාවට අගමැති ලෙස දිවුරුම් දුන්නේ 2015 අගෝස්තු 24 වැනි දා ය. 2018 ඔක්තෝබර් 26 වැනි දා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපතිවරයා විසින් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබෙන තෙක් ඔහු එම ධුරයෙන් කටයුතු කළේය.
ඔක්තෝබර් 26 වැනි දා ඉවත් කිරීම නීතිවිරෝධී හා ව්‍යවස්ථා විරෝධී බව කියමින් මේ වන විට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ඇති අතර ඊට අදාළ මූලික අයිතිවාසිකම් නඩු දෙකක් ලබන වසරේ ජනවාරි මාසයේ දී කැඳවීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිළුද මෙව්වා ...
රටේ සහ අපේ අකමැත්ත මත ජනවරමට එරෙහිව මොහුව අගමැති කරවීම සම්පුර්ණයෙන්ම හෙලා දකිමි.
හපනා කියන්න බලන්න කවුද නිර්වස්ත්‍රව ඉන්නේ කියලා?
මොලේ අමාරුවක් තියෙනවා ලොකුවටම... රට කන්නේ මේ අය තමයි
ජනතා විමුක්ති පෙරමුණේ උණුසුම් සුභ පැතුම් ..අපි ඔබට ඔබ අපිට..
එජාප සගයිනි, ඔබ ඔබේ සතුට හෙට දිනයේ ජාතියේත් මළගමයි.
අයියෝ සිරිසේන..!!!
බලන්නකෝ දෙන්නගේ මුකුළුව. මම හිතුවේ දෙන්නට දෙන්නා ඔරවගෙන ඉඳියි කියලා. 2001 එස්බී අනිත් පැත්තට පැනලා චන්ද්‍රිකා ඉස්සරහ සමෘද්ධි ඇමැතිධුරයේ දිව්රුම් දුන්නා වගේ...
මේ ගඟ මේ දුර කතර ගෙවා.///..... ඇයි මෙතනින් සයුරේ වැටුනේ ////... මේ හැටි දුර පියමන් කරලා ///... ඇයි " මම ඔබ ලග " නතර උනේ ////... යන සුන්දර ගීතය මතකයට නැගෙනවා . හරිම සුන්දර ආදරබර ගීතයක්...
මම ශ්‍රී ලංකික කියන්නත් ලැජ්ජයි මේවා දකිනකොට. අපේ මුල් පුරවැසියා දැන් ව්‍යවස්ථාව උල්ලංඝනය කල වැරදි කරුවෙක්.
හිටන් පටන් යන්නේ කවද්ද.?
ගරු මැතිඳුනි, උණුසුම් සුබපැතුම්!!! වගේම දැන්වත් පොරොන්දු ඉෂ්ට කරන්න.
ජනාධිපතිතුමා දැන් පැය ඉවරයි ඒ නිසා මහජනයාට කියූ පරිදි ඔබතුමා ජනාධිපති තනතුරෙන් අස්වෙලා යනවා නේද?
සුබපැතුම් !!!
අගමැතිතුමා: දැන් එක එක එක්කෙනාට ඕනෑ විදිහට කයිවරු ගහන්න, අනංමනං කියවන්න, පෙළපාලි යන්න පාරවල් හරස් කරන්න, රතිඤ්ඤා පත්තු කරන්න, මීටින් තියල දොස් කියන්න, පුම්බන්න ඉඩ තියන්න එපා. ඔබතුමාට විශාල කාර්ය භාරයක් තියනවා වැටුණු රට දියුණු කරන්න සහ ජනාධිපතිතුමා සමග එකතුවෙලා අර හොරු කියපු සෙට් එක අල්ලලා දඬුවම් කරන්න තවද, බැංකුව පිළිබඳව අැතිවූ ප්‍රශ්නය සොයලා ඔක්කෝටම දඬුවම් පමුණුවන්න නීතිය ඉදිරියට ගෙනෙන්න. අද තරුණ ළමයි බලාගෙන ඉන්නවා කාගේ කාගේත් හැසිරීම බලල ඡන්දය පාවිච්චි කරන්න.
ඉවසන දනා රැපු යුදයට ජය කොඩිය ......
ජනාධිපතිවරයාගේ මේ සුහද සිනහව යට මොන තරම් වෛරයක් ඇද්ද?
දැන් ඉතින් රට ගැන හිතල වැඩක් නෑ...........
සිරිසේන කිව්වා වගේ රනිල් මහතා අගමැති ලෙස පත්වෙච්ච නිසා ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙයිද?
රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට කිසිසේත් සූදානමක් නැතැයි කියල කිව්වේ කල්පනාව අඩු වෙලාවකදීද? නැත්නම් විහිලුවකටද?
මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයක්. මේ ජය ලබාගැනීමට මේ රටේ බොහෝ දෙනා,බොහෝ පක්ෂ හා මන්ත්‍රීවරු ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් පක්ෂ පාට නොබලා ඔබතුමා වටා එක්රොක් උනා. දැන් රටට යහපත කිරීමයි අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයට හර්ෂ හෝ එවැනි දක්ෂයෙකුත්,පොලිස් ඇමති ලෙස සරත් පොන්සේකා වැනි අයෙකුත් දැමීම වැදගත් වෙනවා. බදු අඩුකොට බඩුමිල අඩුකොට ජනතා සේවය සැලසීමට කටයුතු යෙදීම ඉතා වැදගත් දෙයක්.කල්ගිය සියලු නඩු ඉක්මනින් විභාගකරවා සියලු හොර මැරකම් වලට දඬුවම්දීමද රටේ අවශ්‍යතාවක් බව සිහි තබාගැනීම වැදගත්. තවද,පොලිස් ඔත්තුකරු නාමල් කුමාර ගේ කතාවේ සත්‍යතාවද රට හමුවේ ඉක්මනින්ම හෙළිකිරීමට කටයුතු කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැදුණු සැමටද ස්තුති වේවා !
එකෙකුට වත් ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නෑ..
ජය වේවා!!! දැන් නම්බුපිට විශ්‍රාම යන්න............
මේ පත් කිරීම නීති ගරුක වෙන්නයි මහින්ද මැතිතුමාගේ පත්වීම නීති විරෝධී වෙන්නයි ලංකාවේ නීති දෙකක් තියෙනවද? මට අපැහැදිලියි. අගමැතිව පරිලිමෙන්තුවේ ඡන්දයකින් පත් කරන්න කියා මෙතුමාගේ රාජකාරි වලට අතුරු තහනමක් ඉල්ලලා මට නඩුවක් දන්නා පුලුවන්ද? මහා මැතිවරණයකට යන්න බැරිනම් පාරිලිමේන්තුව තුළ ඡන්දයකින් ජනතාවට පහැදිලි උත්තරයක් දෙන්න. එක එක පක්ෂ වල යටිකුට්ටු ගිවිසුම් වලින් බහුතරය පෙන්නුවට මට එකඟ වෙන්න බැහැ. දෙකට බෙදුවහම 113 වැඩි වුනාට තුන හතරකට බෙදල වැඩිම අගය පෙන්වන්න. මෙම පත් කිරීම ලාංකිකයෙක් හැටියට මට එකඟ වෙන්න බැහැ.
සුබපැතුම් , නමුත් එක ප්‍රාර්ථනාවක් එක්ක . ඉක්මනින්ම රනිල්, මහින්ද , මෛත්‍රී ඉවත්ව . රටේ උගත් තරුණ පරපුරට රටේ පාලනයට හිමිවන යුගයක් උදාවේව .
අපට ඇත්තේ මේ රට පමණි ,ඉදිරියට ඉපදෙන දරුවන් ගැන ඔබ සිතනවාද?
එතකොට තව විනාඩි කොච්චර ඉතුරුවෙලා තියන්නේ මෛත්‍රීට ගෙදර යන්න? රනිල් නැවතත් අගමැති වුනානං, පැය දෙකක්වත් තමන් ජනාධිපති ධුරයේ ඉන්න නැහෙ කියල කිව්වා නේද.
ඉතාම සතුටුයි. අතමිට සරු රනිල් යුගයක් නැවත එනවා.
දැන් ජනාධිපති තුමත් ඉල්ලා අස්වෙනවද.. ? රනිල් අාපහු අගමැති වුනොත් ඉල්ලා අස් වෙනවා කිව්වනේ.. දැන් අර සමනල්ලු අාපහු හොඳද එතකොට... හැම දෙනාටම කියන්න තියෙන්නේ පොඩි මිනිහට තියන ලැජ්ජාව කියන එක ඔය මහා ලොකු රට කරන්න එන එකෙක් ලඟවත් නැහැ.. කරුණාකරලා බල තණ්හාව කියන දේ නැති කර ගන්න.. අන්න එදාට රටට හොඳ කලක් යාවි.. ඔය රට කරන මහලොකු මිනිස්සු ගැන, පක්ෂ භේදයක් නැතුව මහජනතාව හොඳින් කල්පනා කරලා මීට පස්සේ තම තමන්ගේ වටිනා ඡන්දෙ පාවිච්චි කරන්න...
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දීර්ඝායු ලැබේවා! මගේ මව්බිමට ජයෙන් ජය ලැබේවා!
සමහරු බාලාංශ ළමයි වගේනේ ප්‍රකාශ කරන්නේ? රනිල්ගේ පත්කිරීම නීතිගරුක වන්නේ උසාවි නියෝගය අනුව ඔක්තෝබර් 26ට පෙර තිබුණු තත්වයට නැවත රට ආණ්ඩු කිරීම බල පැවැත්වෙන නිසා. මෙය ප්‍රජාතන්ත්‍ර වාදයේ ජයක් මිස පුද්ගලානුබද්ධ ජයක් නොවේ.
ඇයි රටට මොකද වෙන්නේ... පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ?
අවසානයේ කැරකිලා හිටපු තැනටම අාවා. රනිල් මහතා අගමැති වූවාට මහින්ද මහතා අගමැති වන තරම් ගැම්මක් රටේ මිනිසුන්ට නැත. එ් අැයිද යන්න වටහා ගත යුතුයි. සමහර විට යුද්ධය නිම නොකළ නව ගුවන් පාරවල්, අධිවෙිගී මාර්ග, වාරායවල් හැදුවේ නැතිනම් මහින්ද මහතා සමගත් බටහිර බලවේග සිට ගන්න තිබුණා. රට ගැන හිතලා බටහිර ජාතීන්ව ගණන් නොගෙන වැඩ කිරීමට ඔහුට කොන්දක් තිබුණා එදා. එ් නිසයි මහින්දට අපේ රටේ මිනිස්සු කැමති මෙහෙම කඩේ යන්නෙ රනිල් රටට කළ එක හොඳ දෙයක් කියන්න පුළුවන්ද..? කට අැරියොත් මහින්දගේ ණය ඔච්චරයි කළ එකම වැඩේ... බලමු දැන්වත් වැඩ කරයිද කියලා. කෙසේ වෙතත් දැන් ඊළඟට සිරිසේන ජනාධිපති වරයා ලේ සෙලවීමකින් තොරවම ඝාතකය කිරීමට උත්සාහ ගත හැකිය.
මෙච්චර දෙයක් වෙලත් තඩි කණ්නාඩි පොළොන්ගු හැම තැනම... තාමත් කඩේ යනවා.
සිරිසේනගේ 'ඝාතන කුමන්ත්‍රණය' නාටකය ඉවරයිද?
දැන් රනිල්ට අවස්ථා දෙකක් තියනවා තෝරගන්න 1) මෛත්‍රී - මහින්ද සහ අනිත් කට්ටිය කියන විදිහට ඉතිරි වසර දෙක ඇදලා වසර දෙක අවසානේ තමුනුත්, සහය දුන් ජනතාවටත් අැනලා රට මහින්දට කන්න බාර දෙන්න 2) කෙලින් තීරණ අරගෙන යහපාලන අරමුණු ඉටු කරලා ඡන්දයට යන්න
1977ට පෙර අප ජීවත් වූයේ දූපතකයි. දැන් අපිට තේරෙනවා දිවයින විශ්ව ගම්මානයක් වුණා කියලා.. රනිල්ට සුබ පැතුම්...!!!
රනිල් කියන්නේ රතු නිල් එකතුවක්..! ඒ දෙපැත්තම ගානට බැලන්ස් කරා..!
මතක කරලමු පැරණි කථා.. එක්වෙමු ජාතික දියුණ පතා...
අපි අර කොළ අතු ඇඳපු යුගේම හිටියා නම් ප්‍රශ්නයක් නෑ නේද? ඒ කාලේ කැමරා නොතිබුණත් ඇත්තටම ලැජ්ජාව නිසා කොළ අතු ඇන්දා... දැන් රෙදි අඳින්නේ නම් කැමරා එල්ල කරන හින්දටම විතරයි...
ශ්රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන නීතියේ අධිපත්‍යය ස්වාධීන, ඉතා ඉහළින් ගරුකරන රටක් බව මුළු මහත් ලෝකයා ඉදිරියේ අද දින සනිටුහන් කළා. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිඳුනි, ඔබට චිරංජයතු..!!!
දැනට ලෝකයේ පරිනතම දේශපාලනේ පරිණතයා ලෝකයම ජයගත් * මිස්ට කලින් * ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිඳුනි, ඔබතුමාට නිදුක් නිරෝගී වේවා ජයවේවා..!!!
"දේශපාලනයේදී " ලැජ්ජා නැතිකම පලවෙනි සුදුසුකම ලෙස අනුමත කරමු.. !
"දේශපාලනයේදී " ලැජ්ජා නැතිකම පළවෙනි සුදුසුකම ලෙස අනුමත කරමු.. !
දැන් ඉතින් ණය රෝල් කරමින් ආර්ථිකය ඉදිරියට ගෙන යන්නට පුළුවන්...
ලෝකයේ කිසිම රටක නායකයෙකු තමන්ගේ අගමැතිගේ චරිත ඝාතනය කරමින් ජනතාව අමතනු අපි අසා නැහැ. මහා ලොකු සංස්කෘතිය ගැන අපි කතා කරන අතරේ සදාචාර ධර්ම අතින් ඇවතුම් , පැවතුම් අතින් ස්වාසිලන්තයටත් පහළින් ඉන්නේ... ඔක්කොටම කලින් රාජ්‍ය නායක ආචාර ධර්ම මොනවාද කියා දැන ගන්න. මේ විගඩම් ඕස්ට්‍රේලියාවේ රූපවාහිනියේ කිහිප දිනක් ප්‍රචාරය වෙලා තිබෙනවා අපිට ආරංචියි. මොන ලැජ්ජාවක්ද? !
කොහොම සුබ පතන්නද මන්දා? අයියෝ සිරිසේන... අයියෝ සිරිසේන...!!!
මෙතෙක් හිටපු දේශපාලයින්ගේ පරිනත හා පුදුම ඉවසීමක් ඇති ප්‍රබල දේශපාලකයෙක්. හිතා ගන්න බැරි කෘතහස්ත නායකයෙක්. ඇත්තටම පොලිටික්ස් මෙතෙර්ඩ්ස් දන්නේ මෙන්න මේ රනිල් කියන චරිතය . ඔක්කොටම කෙළවෙන්න ගේම ගැහුවා. මෙන්න වැඩ. ඔකොටම හොද පාඩමක් කියල දුන්න. ඉගෙන ගන්න ඕනේ නම් රනිල් ගේ දේශපාලන පන්ති වලට යන්න. ජේ . ආර් මැතිතුමාගේ ගේම් පරාද කළා . මාර චරිතයක්. ජය වේවා.!
සිරිසේන මහ්තයා විහිලු කරන එක දන්නේ .නැද්ද.? රනිල් අවොත් එක විනාඩික් ඉන්නේ නැහැ කිවේ බොරුවට. මහින්ද මහතාව රැවැට්ටුවා.
මොනවා වුනත් රනිල්ට වැදගත් උගත් නෝනා කෙනෙක් ලැබෙන්න වාසනාව තිබිලා . ඇවතුම් පැවතුම් හැසිරීම් වුනත් කටක් ඇරලා මේ අපේ දේශපාලක නායකයෙකුගේ බිරිඳ කියලා ලෝකෙට අඳුන්නා දෙන්න හැකියි.
ජනතාවට වැට් සමයක්... සුබපැතුම් !!!
දෙනුවර මින්පසු එක නුවරක් මෙනි. අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු...
2020දි සජිත් -ජනාධිපති රනිල් -අගමැති යුගයක් ශ්‍රී.ල .නි. ප ඩීල් කාරයෝන්ව නම් ආයෙත් ගන්න එපා.
දැන් මහින්දට තියෙන්නේ ඕන කුදයක් ගහගනිල්ලා කියල මේ කුණු රට අතැරලා දාල කොහේ හරි රටකට ගිහින් පාඩුවේ ඉන්නයි. මේක මහා නරා වලක්. ගොඩ ගන්නම බෑ. පුළුවන් එකෙක් ඉන්නවා නම් රටකට පැනගන්න බලන එක තමා තියෙන්නේ. රනිල්ලටම කරගන්න කියලා මේක අතෑරලා දාන්න.
අන්තිමේ බමුණා දිනුවා නේද?
ජනතාවට අවස්ථාව දී තිබුණා නම් ගෙදර අද...
අප රට තුල මින් ඉදිරියට ස්ථාවර මෙන්ම ගරු සම්පන්න යහපත් දේශපාලන වතාවරණයක් ඉදිරියේදී අපේක්ෂා කරමි. සුබ පැතුම්!
අගමැතිතුමෝ දැන් රටට උවමනා ව්‍යවස්තාවක් නොවෙයි සියලු දෙනාම එකතුවී හෝ ඉන්න කණ්ඩායම හෝ කතා කරගෙන රටේ ආර්ථිකය දියුණු කිරීමයි දුෂණය නැති කිරීමයි 225 ට දෙන අසීමිත වරප්‍රසාද සහ වරදාන අඩු කිරීමයි රටේ ජනතාව පෙලෙන අධික දරිද්‍රතාවයෙන් ඔවුන්ව ගලවා ගැනීමයි. ව්‍යවස්තාවක් ගෙනාවයි කියලා රටේ ජනතාවට සෙතක් නෑ රට දියුණු උනාට පස්සේ ඉතුරුහරිය පුළුවන්
ඉල්ලා අස්වන ජනපතිදුනි ඔබට සුබ පැතුම්.! දෙන්න අත්පොළොසන් නාදයක්....