IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රනිල් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ කළේය.

එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟද රනිල් වික්‍රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක් විය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය.



අදහස් (9)

රනිල් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි

මැක්ස් Friday, 27 December 2024 02:52 PM

ඉන්දියාව සවිමත් රටක් බවට පත් කිරීමට අඩිතාලම දැමුවේ මන්මෝහන් සිං මහතා ය. යුද්ධයෙන් පසු ඉදිරියට යමින් සිටි රට කාබාසිනියා කර දැමීමට ජවිපෙ තරම්ම දායක වුවත් රනිල් වික්‍රමසිංහ මහතා ද කෝවිඩ් අර්බුදයෙන් පසු උදා වූ ආර්ථික අහේනියෙන් රට ගොඩ දැමීමට විශාල කාර්ය භාරයක් කළේය. ඉන්දියාවේ මෙන් නොව ලෝකෙන් උතුම් රටේ ජීවත් වන 60 ලක්ෂය ඉක්ම වූ ජහමනයා විසින් රනිල් මහතා බලයෙන් පහකර දැමුවත් එතුමා එළිපෙහෙළි කළ මාර්ගයේ කිසි හිරිකිතයක් නැතිව ගමන් කරන්නට වත්මන් ආණ්ඩුවට සිදුවීමෙන් පෙනෙන්නේ මන්මෝහන් සිං, රනිල් වික්‍රමසිංහ වැනි මහත්වරුන් සැලකිය යුතු දුරදක්නා නුවණින් යුතුව කටයුතු කළ නායකයින් බවයි.

:       43       66

randil dunuwilleFriday, 27 December 2024 03:44 PM

තමන් කිසිම හිරිකිතයක් නැතිව රනිල්ට කඩේ යන හැටි දැක්කාම අපිට හිරිකිතයි.

:       51       30

karolisFriday, 27 December 2024 04:17 PM

ඔයාට හිරිකිතයි වගේ දැනෙන්නේ ඔයා තණකොළ කන, පුන්නක්කු බොන ජාතියේ කෙනෙක් හින්දා. එහෙම අයට මස් මාළු හිරිකිතයි තමයි..!

:       16       30

sam Friday, 27 December 2024 03:20 PM

මනමෝහන් සිං කියන්නේ රටට ආදරේ කළ නායකයෙක්... ජොලි සීයා කියන්නේ රට විනාශ කළ කෙනෙක්. රට විකුණන් කනවා.

:       44       38

පම්පෝරි ජනක Friday, 27 December 2024 03:34 PM

ලොක්කට අර දේශගුණික විපර්යාස සමුළු ටික දැන් සෑහෙන්න මතක් වෙනවා ඇති..., අඩුම ගානේ මාසෙකට එක වරක් වත් තිබ්බ ඒ සමුළු ටික හින්දා ලොක්කා හේතු නැතිව ලෝකේ වටේ සවාරි ගියා හරි ජොලියෙන්... දැන් අතින් වියදම් කරන්න වෙලා තියන හින්දා යන්න පුළුවන් ඉන්දියාවට විතරයි..!

:       32       23

Chris Friday, 27 December 2024 04:45 PM

මන්මෝහන් සින්ටත් ලංකාවේ වගේම විරෝධතා ආවා. ගිය අවුරුදු 2කේ රනිල් කළේත් ඒ වගේම දෙයක් තමයි. ඒක හරි නිසා තමයි අනුරත් දැන් ඒ වැඩේම කරගෙන යන්නේ... රනිල්ට බැන බැන. කවුරු වුණත් කමක් නෑ. එක වැඩ පිළිවෙලක් යන එක. ඉන්දියාවේත් පක්ෂ 2කම එක දිශාවකට ගිය නිසා අවුරුදු 30 කින් ලෝකේ ප්‍රධාන ආර්ථික බලවතෙක් වෙලා තියෙනවා.

:       4       43

Nimal Friday, 27 December 2024 07:32 PM

අපේ අයටත් උපදෙස් දෙන්නයි, අදහස් දක්වන්නයි නම් ඉතින් සෑහෙන්න පුළුවන්... හැබැයි කට විතරයි... වැඩ නෑ...

:       0       19

Lalla Saturday, 28 December 2024 10:19 AM

ඉන්දියාව නිදහස ලැබූ දා පටන් පක්‍ෂ විපක්ෂ භේද නැතිව ධනවතුන් ලවා නිෂ්පාදන සහ සේවා ආර්ථිකය ගොඩ නැංවීමට පියවර ගත්තා. අද ඉන්දියාව ලොව පස්වන ආර්ථික බලවතා. මන් මෝහන් සීං ආර්ථිකය පෞද්ගලිකකරණයේ නායකත්වය ගත්තා. ලංකාවේ කට්ටිය නැගී එන ඕනෑම පෞද්ගලික ආයතනයක් විනාශකර රජයට පවරාගෙන විනාශකර දැමීමට කැමැති අය... පටන්ගත්තේ බණ්ඩාරනායක පවුල... මහින්ද රාජපක්ෂ රජය දක්වාම මේක ආවා.. ඉදිරියට බලමු...

:       0       5

sam Saturday, 28 December 2024 09:05 AM

ජොලිසීයා ඉන්දියාවට වෙලා හූනියම් කරකර බලේ ගන්න හදනවා.

:       8       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site