
(සුජිත් හේවාජුලිගේ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් අයෙකු ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සදහා අවස්ථාව සලසා දෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහු පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු වික්‍රමසිංහ මහතා සමඟ සම්බන්ධ වීමට අදහස් කරගෙන සිටින බව වාර්තාවේ.
විවිධ පාර්ශ්ව පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනටමත් යෝජනා කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගාල්ල ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදීද ජනතාව පාර්ලිමේන්තුවට පැමිණ ජනතා සේවයට එක් වන්නැයි ඔහුගෙන් ඉල්ලීමක් කළහ. මේ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා “පොඩ්ඩක් ඉවසලා ඉන්න” යනුවෙන් ප්‍රකාශ කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහතා නැති පාර්ලිමේන්තුව හරියට ලුණු නැති කැඳ හැලියක් වගේ...!
රනිල් නැති පාර්ලිමේන්තුව ලුණු නැති කැඳ හැලියක් වගේ !
සීයා බලං ඉන්නවා අර එළුවගේ අහවල් එක වැටෙනකං ගිය නරියා වගේ. ඔය මනුස්සයට යන්න එකෙක් නෑ අස් වෙන්න. අස් උනත් මිනිහට යන්න වෙන්නෑ. පව්
කොහොමත් ඔය මනුස්සයට ලජ්ජා නහරේ කියන එක උපතින්ම පිහිටලා නැහැ , කලින් කියුව නේද ජාතික ලයිස්තුවෙන්වත් අපහු එන්නේ නැහැ කියල , තමන් ජනාදිපති වෙලා ඉද්දි තියපු මැතිවරනෙන් දිනන්න තියා දෙවෙනි තැන ගන්න වත් බැරිව ලජ්ජා සහගත පරාජයක් ලබල ඒයිතිහාසික වාර්තාවක් තියපු කෙනා
එහෙම වුනොත් හොඳයි, දැන් පාලක පක්‍ෂය ළදරුවන් වගෙයි හැසිරෙන්නේ.
නියමයි ඔබගේ පැමිණීම... බොහෝ කරුණු කරන අත දැනගන්න.
අපේ රටේ තිබෙන අවිචාර - අශිෂ්ට සමාජ දේශපාලන සංස්කෘතිය කිසිම ආණ්ඩුවක් විසින් වෙනස් කරන්නේ නැත! එයින් ඔවුන්ව ආරක්ෂා කරන නිසාය.
ජීවත් වෙන්න දඟලන තරමක්.... මොකෙක් මරල හරි කමක් නෑ පාර්ලිමේන්තු එන්න තියෙනවනම්...
ඩබල් පොකට්ව බය කරන්න එපා හලෝ කලිසමේ බොත්තම් දාගන්නත් අමතක වෙයි. දැනටමත් මයිල් කෙලින් වෙලා ඉන්නේ.
ඒ කියන්නෙ තව අවුරුද්දයි මුන්ගෙ නොහැකියාව ජනතාවට හොඳටම තේරෙන්න. ගෝටා කලා වගේ නිකම්ම යයි කියලා නම් හිතන්න අමාරුයි. මේ ගොල්ලන් ඇවිත් තියෙන්නෙ යන්න නෙවෙයි නිසා රට ලේ විලක් වෙයි.
හොර පාරෙන් ජාතික ලැයිස්තුවට මෙයාගේ ගෝලයින් රිංගුවේ මේකට තමයි.
RW ගැන විවේචන ගොඩක් තියනවා හැබැයි ලංකාවේ ගොඩක් තැන්වලදී කෙලින් තද තීරණ ගත්තා. ඒ වගේම ක්‍රියාත්මක කළා. JVP හැමදාම කලේ හැමදේම විවේචනය කළ එක.. හොඳ දේට හොඳයි කියන්න පිටකොන්දක් JVP එකට තිබුනේම නැහැ. RW is a leader. JVP එකෙ නැත්තේ ඔය කියන Leadership එක. දැනටත් JVP එකට තියෙන්නේ බොලඳ නියාය පත්‍රයක්... JVP නියාය පත්‍රය ගැලරියට ගොඩක් පක්ෂපාති එකක්... සමහර JVP ඇමැතිලා හරිම ප්‍රාථමික කතන්දර කියන තනිකරම බොරුව පමණක් සමාජ ගත කරපු සෙට් එකක්. හැමදේටම තියෙන එකම විසඳුම අපි අදූෂිතයි. හරි එකට අපි respect කරනවා. හැබැයි රටකට පාලනයක් පාලකයෙක් අවශ්‍යයයි. සෙල්ලම් ආණ්ඩු වලින් වැඩක් නැහැ. තවමත් JVP හිතාගෙන ඉන්නේ විපක්ෂේ කියලා. හැම පුද්ගලයාටම තියනවා රට ගැන කැක්කුමක්.. ඒත් වගකීමක් අරගෙන වැඩ කරන්න පුළුවන් ටික දෙනෙකුට විතරයි.
සිංහලය කවදත් කුහකයි වැරැදීමක් ගැන කියනවා. නමුත් මුස්ලිම්, දෙමළ ජාතිකයින් එහෙම නැහැ. ඒකට හේතුව ඒ ජාතිය එකයි. සිංහලයා එහෙම නැහැ ඕලන්ද, පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි, පාකිස්ථාන, කාපිරි මේ ඔක්කෝම කලවම් තමයි තියෙන්නේ... කවදත් අඩුපාඩුවක් දකින්නේ කුහකත්වයත් එක්ක ඒකට හේතුව තමා සිංහලයා කියන්නේ... කොක්ටේල් ද කියලා හිතෙනවා..
UNP අපි කැමැති නැහැ රජා වගේ හිටපු රනිල් කවදාවත් දොරටු පාලකයෙක් වෙනවා දකින්න..!
සල්ලි තිබුණක් ඡන්දේ නැහැ කියපු රනිල් යවන්න ඕනෑ පාර්ලිමේන්තුවට නොවෙයි රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් හිර ගෙදර යට. කෝ මාලිමා ආණ්ඩුව ඒකට පියවරක් ගන්නේ හැති හැඩයි. ඒ වීඩියෝ පටිය බලන්න. සල්ලි තිබුණක් ඡන්දෙ නැහැ කියලා කියන්න රනිල්ට මොකක්ද තියෙන අයිතිය?
මෙයා විසින් මහ දවල් හොරාකාපු බැඳුම්කර මගඩිය 2015 පෙබරවාරි 27 වන දින සිදු වූ මූල්‍ය විශුද්ධිකරණයේ විශාලතම වංචාවක් වන අතර එය රටේ සමස්ත ජාතියට ඇමරිකානු ඩොලර් මිලියන 11 කට වැඩි අලාභයක් සිදු කළේය. ඉතින් වත්මන් ජනාධිපතිවරයාට අපි යෝජනා කරනවා මෙයාට ආයෙත් දේශපාලනය කරන්න බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ජනාධිපති කොමිශන් වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා.
ගෙම්බා කොපමණ එළෙව්වත්, හීය දිහා බලාගෙන තමයි වැටෙන්නේ...
මෙතැන කෙනෙක් කිව්වා සිංහල අය කොක්ටේල් වගේ කියලා. නෑ. ඒක වැරැදියි. දේශපාලනික වශයෙන් අව්‍යාජ, බොහෝ සිංහල අය ඉන්නවා. ලෝකයේ හැම තරාතිරමකම දේශපාලනඥයෝ එක වගේ. මෙතැන තියෙන ප්‍රශ්නේ තමයි රට සංවර්ධනය කරන්න අපි අඩු දූෂිත දේශපාලනඥයින් සහ කණ්ඩායමක් හොයාගන්න රනිල් කරන හැම දෙයක්ම මම අනුමත කරනවා කියලා මම කියන්නේ නැහැ. ඔහු 1000 වතාවක් වැරැදියි.. නමුත් රට සංවර්ධනය කරන්න අපිට ඔහු අවශ්‍යයි. ඔබට කවුරු හරි නම් කරන්න පුළුවන්ද? නැත්නම් මේ වෙනකම් ඔප්පු කරපු කෙනෙක් ඉන්නවාද?
ලුණු තිබ්බත්, නැතත් පාර්ලිමේන්තුව කැඳ හැලියක් කරන්න මෙයාට පුළුවන්...
රනිල් රියල් මෑන් කෙනෙක් නම් මහජන ඡන්දයකින් එන්න මුස්ලිම් කවදාවත් ඒගොල්ලන්ගේ ජාතිය, ආගම පාවාදුන්නේ නෑ. ඒකට සිංහල සහ දෙමළ...
මේක AKD සහ RW කුමන්ත්‍රණයක් වගේ
අර රවී පාර්ලිමේන්තුවට රිංගුවේ ඔය කොන්ත්‍රාත් එකට තමා.
ගෝඨාභය ආණ්ඩුවේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා හිතුවද? අනේ පව්.
ප්‍රභාකරන්ගේ කියමන 10000000%කින් නිවැරදියි කියන්න ඉහත කියමන් හා ඩිස්ලයික් වලින්ම පැහැදිළිව පේනවා.ගෝඨයියා රට අගාධයක දමා පස්සේ දොරෙන් පැනපු වෙලාවෙ රටේ මොකක්ද වුනේ කියලා.
රනිල් කියන්නේ බල ලෝබීයෙක්..මහා බැංකු බැදුම්කර වංචා කරපු රවි කරුණානායකත් ඉන්නවා රනිල්ට හරියන්ඩ?
මේ කෝඩුකාර විහිලු රෑනට වඩා නම් රනිල් මහතා ගව් ගාණක් ඉදිරියෙන්!
මම නම් දොස් කියන්නේ ජේ.ආර්ට. මොකද නිකාන් අපරාදේ මේ මනුස්සයව මේ දේසපාලනයකට ඇදගෙන ආවේ. ඔය ඉගෙනගෙන තියෙන ඒවයි පවුලෙන්ම ආපු ඉංග්‍රීසි කතාවයි ඔය තියෙන ටයි කෝට්වලට හරියන උසයි මහතයි, බබා ළදරු මුනයි වගේ අංගෝපාංග ටිකෙන් වෙන හොඳ ජොබ් එකකට යන්න තිබුණනේ. අඩු ගානේ චිත්‍රපටි නළුවෙක් වත් වෙන්න තිබුණනේ. මොකද නරකද මිනිහා කෙල්ලෙක් පස්සේ මල් වත්තක මල් ගස් අස්සෙන් ජෝතිගේ හරි මිල්ටන් පෙරේරාගේ හරි ගීතයකට නට නටා දිව්ව නම්. මිනිස්සුන්ට විනෝදයක් හරි ලබන්න තිබුණනේ. මේ මේ වැඩකට නැති දේසපාලනයකට ඇවිත් මිනිස්සුන්ට වෙච්ච දෙයකුත් නැහැ. රටටය කියලා ආයේ අමුතුවෙන් වෙච්ච සෙතකුත් නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් රටේ සල්ලිත් මිනිහට වියදම් වුණා හරියට නිකම් ගිහින් ගිහින් අන්තිමට පුස්ස බින්දා වගේ තමයි වුණේ.
ජනතාව කිව්ව නිසාද එන්නේ. ඇයි ජනතාව 35 වතවකටත් වැඩි වාරයක් පරදින්න වැඩ සැලැස්සුවේ. මෝඩ හැතිකරේ උඩ පැන්නට දෙවිකෙනෙක් ඉන්නවා බලාගෙන. දෙවියන් කවදත් ඉන්නේ එඩිතර අවංක හොරු බොරු නැති පුද්ගලයත් සමඟ. මෙයා එන්නෙ මහ බැංකු හොරකම දැන් උසාවියට කැදවන්න කලින් ඇලෝසියස්ලව බේරගෙන මෙයත් සුදනා වෙන්න. නාකි රනිල් දන්නවා හිතුවටත් වැඩිය වේගෙන් අනුර රට ඉදිරියට ගෙනියනවා. ලෝක නායකයෝ ඉල්ලන්නත් කලින් උදව් කරනවා. මෙයා හිරෙනොගිහින් ඉන්න පාරක් කපාගන්න එන්නෙ සමහර විට කජු කන්න කෝකියන්ට කියලා උයන් කන්න ජනතාවගෙ රටේ මුදල් වලින් සැපවිදලා නාකි නඩෙටත් සැප දෙන්න නාකි නඩේගේ දෙවියෝ රනිල්. ජනතාවගේ දෙවියො අනුර කුමාර.
පාර්ලිමේන්තුව ඊජිප්තු පිරමීඩයක් නොවේ.
මෙයයි රාජපක්ෂයි දෙන්නම එකයි. මුන්ට නිකන් කාලා පුරුදු ඒවා අතහරින්න බෑ. ඒකයි මේවටම රිංගන්න හදන්නේ. යකෝ තරුණයන්ට ඉඩ දීපල්ලකෝ.
ඒක හොදයි. වැරැද්ද නිවරදි කරගන්න.
ආ.. හිතං ඉන්නෙ එහෙමද? මේ සොම්බියා මැරිච්ච දාට පාර්ලිමේන්තුවේ මාසයක් පිරිත් කියන්න වෙයි බූතයා එලවන්න.. මෙච්චර කාලයක් රට ට කෙලවලා පුරුදු තාලෙට හොර පාරෙන් එන්න හදන්නෙ හැලෙන කලිසමත් නැතුවද?
මාලිමාවුන් සෑහෙන්න බය වෙලා සීයාට.
දෙවියෝවත් මේ රට රැකදේවා. මේ කාලකන්නි වසංගත ටික සදහටම නැති වුණා මිසක් මෙයාලාගෙන් රට බේරා ගැනීම හීනයක්. කජු කාලා තෙල වැඩි වෙලා ඉහෙන් බහින රෝගයක් මෙයාට නෑ. ඡන්දයකින් ජීවත් වෙලා ඉන්න තුරා මෙයාට පාර්ලිමේන්තු එන්න බෑ. දැන් මේ විදියට ඇවිත් එතැන අනලා වනසන්න හදයි. තාමත් මෙයාට කත් අදින නඩයක් ඉන්නවනේ...
රනිල්ගේ ප්‍රතිපත්තිම ඉදිරියට ගෙනියනවා නම් පාර්ලිමේන්තු හිටියත් වරදක් නෑ.
අඩේ කොච්චර එලෙව්වත් ගේ ගෙම්බා වගේ හොර පාරෙන් එන්නමයි බලන්නේ. මේ පාර ගියපාර වගේ පිං පොටක් ගන්න හම්බෙන්නේ නෑ. රටේ මිනිසුන් දැන් එදාට වඩා ගොඩක් බුද්ධිමත්. කොහෝමත් මෙයා තියා කවුරු ආවත් 159 හොල්ලන්න හීනෙකින්වත් බෑ. යථාර්ථය දැනගෙන මිනිසුන් ඇන්දවීමට දරන උත්සාහයක් නිසා ඉදිරියේ එන්න ඉන්න ඒ පක්ෂයේ අයටත් අනාගතයක් නැති කරන්න යන්නේ...
මළකුණ නැවතත් එයි වගේ.
ගිය ආත්මේ කූඩැල්ලෙක් වෙන්න ඇති.
අපි මෙයාට පාර්ලිමේන්තුවෙ හැඩේට සෙල්ලං ගෙයක් හදල දෙමු!
මටනම් අප්පිරියම සතා
මෙයා කරපු දේවල් දැනගන්න ඕනෙ නම් මේ දවස්වල කෝප් මීටින් බලන්න.