(රංජන් කස්තුරි)

ජනාධිපතිවරයා මැතිවරණ සංශෝධන පිළිබඳව විටින් විට දක්වන අදහස්වලින් පෙනී යන්නේ ඔහු පැණි තවරා විෂ ගිල්ලවීමට උත්සහ දරන බවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.

මැතිවරණ ක්‍රමය පිළිබඳව සහ දේශපාලනාඥයන් පිළිබඳව සමාජයේ තිබෙන අප්‍රසාදය භාවිතාකරමින් මැතිවරණ සිතියම හකුළාගැනීමට ජනාධිපතිවරයා කූඨ උත්සාහයක් දරමින් සිටින බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 

ඉතිහාසය පුරාවටම මෙවැනි සංශෝධන හරහා උත්සහාකර ඇත්තේ ඒ මොහොතේ සිටින පාලකයාට අවැසි ලෙස මැතිවරණ ක්‍රම සංශෝධනය විනා රටක් ලෙස සලකා දේශපාලන සංදර්ශනයට ගැලපෙන ක්‍රමවේද හඳුන්වාදීමට නොවන බව ද රොහණ හෙට්ටිආරච්චි මහතා කියයි.